මේ අපගෙන් ලැබෙන අවසාන අනතුරු ඇඟවීම ලෙස සලකන්න. "ඌරන් සමග පෝර බදන විට මඩ ගාගන්නට වෙන බව අප හොඳින් දනිමු" . මෙපමණ කලක් අපගේ ඉවසීමට හේතු වූ කාරණයද එයයි. නමුත් දැන් ඔබලා විසින් සීමාව ඉක්මවා යන බව දක්නට ලැබේ. අපහට වෙබ් අඩවි වලින් සහ බ්ලොග්ස් වලින් අපහාස කිරීමට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව අප විසින් සොයාගෙන ඇත. මින්මතු අපගේ ශ්‍රේෂ්ඨ ගුරුතුමන්ට, ගුරු පරම්පරාවට, සටන් ශාස්ත්‍රයට, අංගම් මඩුවට නුඹලා විසින් නින්දා අපහාස කිරීමට සිතන්නේනම් සියලු දෙනාගේම වෙලාපත්කඩ බලවාගෙන කටයුතු කරන ලෙස මෙයින් දැනුම් දී සිටිමු.
බොහොම කේන්ති ගිහිල්ලා වගෙයි සහෝදරයා. ඇයි මෑත කාලයේ භාවනාවක් වත් කලේ නැද්ද? කලානම් හික්මීම ටිකක් වර්ධනය වෙනවා. ඒක පුහුණු කර ගත්ත දවසක ඔබට කර ඇති චෝදනා සියල්ලට සාක්ෂි සහිතව පිළිතුරු එවන්න. මෙම වෙබ් අඩවියේ සඳහන් කොට ඇති පින්තූර, විඩියෝ හා තොරතුරු වැරදි නම් ඒවා නිවැරදි කර ගන්න නම් තරමක් ඉවසීමෙන් කටයුතු කලොත් හොඳයි. හොඳ සටන් කරුවෙක් වුණාම ඔහුට හොඳ හික්මීමක් අනිවාර්යයි. කොහොම වුණත් අපි කියන විදියට වැඩ කරනවානම් මෙම උපහාසයෙන් නිදහස් විය හැකි බව දන්වමු.තෙරුවන් සරණයි ඔබට.
අංගම්පොඩි නැමැත්තා වෙතට , මේ බ්ලොගයෙම ඔවුන් විසින් සදහන් කර ඇති කරුණු ගැන මම විවේචනය කරමින් ලිපියක් ලිව්වා. ඒවාට නිහඩව සිටිනවා. තවම පිළිතුරු නැ එකට. තවත් දේවල් නම් ලියන්න ගොඩක් තියනවා. අංගම්පොඩිත් කරන්නේ එක්තර ආකාරයේ ප්‍රෝඩාවක් . ඔබට ඔය නමත් සුදුසු නැ. සටන් ශාස්ත්‍රයටත් අගෞරවයක්.නමුත් ඔබ කවුරු වුවත් , යම් පමණකින් හෝ අංගම් සටන් ශාස්ත්‍රය වෙනුවෙන් කරන මේ මෙහෙය නම් අගය කරනවා.
දික්සඳ ඔබේ ලිපිය ලැබී තිබෙනවා. නමුත් ඔබ පමණක් නොව ලිපි එවන සෑම දෙනාටම අප පිළිතුරු දිය යුතුයි. එම පිළිතුර නිවැරදි එකක්ද විය යුතුයි. ඒ නිසා යම් තරමක ප්‍රමාදයක් අපේක්ෂා කරන්න වෙනවා. ලිපි ලියන සෑම දෙනාගේම ඉවසීම අප අගය කොට සලකනවා. (සටන් ශාස්ත්‍රයට ගරු කර නිසා තමයි මෙච්චර මහන්සි වෙන්නේ)
මේකේ දාල තියෙන වීඩියෝ එකේ හැටියට මෙයා ඉගෙන ගෙන තියෙන්නේ කලරිනේ. ඉතින් ඇයි මේවා ඔයාලා පත්තරවලට දෙන්නේ නැත්තේ. පත්තරවලින්නේ මෙයා ගැන වර්ණනා කරන්නේ.
මමත් මෙයාගේ රගපෑම් දැක්ක. හැබැයි මට තේරුණා මේකට මෙයාව බලෙන් ගෙන කියල. ආණ්ඩුව යුද්දේ විකුණන් කන තව එක ක්‍රමයක්. මෙයත් කඩේ යනවා. ලැජ්ජයි.
අංගම් පොඩි ඇතුලු සියලු දෙනා වෙතට , මම සහන් ලක්ශිත පෙරේරා වෙමි , ඔබගේ "රිටිගල ව්‍යාජ අංගම් " බ්ලොග් අඩවියේ රිටිගල සුමේධ මහතා හා සම්බන්ද සියලු තොරතුරු බැලිමි . නමුත් එම බ්ලොගය කියවීමෙන් හෝ එහි ඇති වීඩියෝ පට නැරඹීමෙන් පමනක් යම්තාක් දුරට ප්‍රචලිත "රිටිගල අංගම් පරම්පරාව" හෝ රිටිගල සුමේද එම අංගම් පරම්පරාවේ අවසාන උරුමකරුවා ය යන මතය බැහැර කල නොහැක ඒ සඳහා හේතු දැක්වුව හොත්>>>>>>>>>
පිළිතුර පහත පිටුවේ -උත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>>> , 1. රිටිගල සුමේද මහතා විසින් රචිත "රිටිගල අංගම් කෘතියේ *ඇමති ලක්ශ්මන් සෙනෙවිරත්න *නීතීඥ ජානක බන්ඩාර * මේජර් ජෙනරාල් දයා රත්නායක යන පුද්ගලයන් තිදෙනා විසින් එහි කරුනු පිලිබඳව හා එම කෘතියේ ගුනාත්මක බව පිලිබඳව සහතිකයක් ලබා දී ඇත . මොවුන් ගෙන් දෙදෙනෙක් රජයේ සේවකයන් වන අතර රාජ්‍ය සේවයේ ඉහල නිල තල වල සිටින තැනැත්තන්ට කිසිදු ආකාරයක අවිශ්වාසී හෝ සොයා නොබලන ලද කිසිවකට තමා ගේ නිලය බ්හාවිතා කරමින් සහතික නිකුත් කල නොහැක එසේම අනෙක් නීතීඥ වරයාද සිය වුර්තීය ජීවිතයේදී කිසිදු නීති විරෝදී කටයුත්තකට සම්බන්ද නොවීමට ශ්‍රේශ්ටාදිකරනයෙන් බැඳී ඇත>>>>>>>
>>>>>>>>>>>. එනිසා ඔවුන් ගේ සහතිකයන් පිලිබඳව යම්තාක් දුරට හෝ විශ්වාසයකට එලබිය හැක මෙය මෙම ගැටලුව සදහා ඇති සරලම හා ප්‍රායෝගික තර්කනයයි "අංගම් පොඩි " නමින් නම් කර ඇති මෙම බ්ලොගයේ එහි කතෘ වරයා පිලිබඳව කිසිඳු සදහනක් කර නැති අතර මෙම කරුනු ගෙන හැර දැක්වීමට ඔහු සතු සුදුසුකම දක්වා නැත . හුදෙක් කවරෙකු හෝ කියූ පලියට අද සමාජයේ කිසිවක් පිලිගන්නේ නැත .>>>>>>>
>>>>>>>>>> එසේ පිලිගන්නේ එම කරුන ඉදිරිපත් කරන තනැත්තා "කින්ද මන්ද " යන්න හා ඔහුගේ තරාතිරම සොයා බලාය. මා කියන්නේ කුමක්දැයි මෙම බ්ලොගයේ කතෘ වරයාට වැටහේ යයි සිතමි . අනෙක් කරුන නම් මෙම බ්ලොගය කියවාගෙන යාමේදී මෙහි කතෘ වරයාද අංගම් පොර ගැන දැනුම ඇති අංගම් පොර හා සම්බන්ද පුද්ගලයෙකු බව වැටහෙනු ඇත . එසේ නම් මෙමෙ බ්ලොගය තවත් අංගම් කරුවෙකු විසින් ඉරීසියාවට ලියන ලද්දක් දෝ පාටකයාගේ සිතට සැකයක් මතු වේ . රිටිගල සුමේද නම් තැනත්තා ඉන්දියාවේ "කලරි" යනුවෙන් සදහන් කර ඇති සටන්ද , වූශු ගුරුවරයෙකුද යන්න ගෙන හැර දක්වීම මගින් ඔහු රිටිගල අංගමෙහි උරුමකරුවා ලෙස ගොඩ නැගී ඇති තර්කය බිඳ හෙලිය නො හැක .>>>>>>>>>
>>>>>>>>> එසේම ඉන්දියාවේ සටන් ගුරුවරයාගෙන් සුමේද ගුටි කෑම නිසා ඔහු සටන් නොදන්නා අයෙකී ගෙනහැර පාම ගොන් තර්කයකි . ( පුහුනු වීම් වලදී එසේ සිදු විය හැකි බව ඕනෑම ක්‍රීඩාවක් කරන්නෙකු දනී ) අවසාන වශයෙන් මෙම බ්ලොගය තුලින් රිටිගල සුමේද ව්‍යාජ අංගම් කරුවෙකු යන්න පහැදිලි කිරීම සඳහා කිසිදු පැහැදිලි තර්කයක් ගොඩනැගී නැතැයි කීමට කැමත්තෙමි >>>>>>
>>>>>>>>>. නමුත් ගෙන ඇති උත්සාහය අගය කරමි මාගේ මෙම කොමෙන්ටුව මෙම බ්ලොගය කියවන සියලු දෙනාටම දැක ගත හැකි වේවායි පතමි . මෙය මකා නොදමන ලෙස "අංගම් පොඩි " හි කතෘන් ගෙන් ඉල්ලා සිටිමි. එසේ නොකලහොත් මෙම කමෙන්ටුවට මීට වඩා සුදුසු තැනක් සොයා පල කරන බව අවදාරනය කරමි සැමට බුදු සරනයි ..............!!!
මම නම් මේ හොරාගේ ගෙදරත් ගිහින් තියෙනවා අරංගල ඉන්නේ හඳහන් බලනවා මමයි මගේ නොනයි දෙන්නත් එක්ක ගියාම මට අපලයි අපේ කසාදෙ කැඩෙනවා කිව්වා අවුරුද්දෙන් (අපි අදටත් පවුල් කනවා) කියන්නෙම අපලයි කියල කියල pendent එකක් දාන්න ඕනේ කිව්වා india වල කිව්වා මතුරන්නේ අපිත් ඉතින් මේක විශ්වාස කරන් හැදුව pendent ඒක දුන්නම බුදුපානෙන් තෙල් ටිකක් ගෑව අපට දුන්න මම ඇහුවම කියනවා මේ තෙල් ඉන්දියාවේ මතුරලා තියෙන්නේ කියල මොන ලංකාවේ කොතනද pendent එකක තෙල් ගාල දෙන්න ආරක්ෂාවක් කරනවානම් කරන්නේ සුරේක තෙල් දාල අනේ ඉතින් අපි manta සල්ලිත් දීල (කේන්දර බලන්න 1000 ක් ගන්නවා) වදෙකලට 7000 ක් දීල අපිට තැන කියපු අපේම හිතවතෙකුට බැන බැන ගෙදර ආව මම කියන්නේ මේ බොරු තොරතුරක් නෙවෙයි සුමේධගේ ගෙදර දන්නා කෙනක් දන්නවා ඇති තියෙන්නේ TATA cab එකක් ඉන්නවා තරුණ කෙල්ලෙක් කෙල්ල මෙයාට කතාකරන්නේ මාමා කියල මාමයි ලේලියි ගෙදර තනිවම ඉන්නේ අපිටනම් පෙනුනේ වෙන දෙයක් ඒක මෙතනට අදාළ නෑ man අංගම් කියල කරන්නෙත් බොරු හඳහන් බලනවා කියල කියන්නෙත් බොරු අර කියල තියෙනවා වගේ උගත් හිතවත් මෝඩයෝ නිසයි මමත් රැවටුනේ මේ බ්ලොග් ඒක මාමා ඔක්කොම බැලුව හරිම හොඳ දෙයක් රටට සිංහල සංස්කෘතියට බෞද්ධකමට ආදරය කරන සිංහල බෞද්දයො අදත් මේ රටේ ඉන්නවා කියන එක මේක බැලුම මට තේරුම් ගියා රටේ නායකයෝන්ගේ කොන්ද පන නැතිකම නිසයි මේ හදිය අපිට වෙලා තියෙන්නේ දැන් තව ටික දවසකින් හම්බයෝ මේ රටත් උන්ගෙයි කියයි අනගාරික ධර්මපාල තුමාගේ කීම අදවනවිට 100% අත්තවෙලා තියෙන්නේ අනේ අසරණ සිංහල අපි මම දේහින් රාජනායක ගැටළුවක් තියෙනවනම් මම දුන් තොරතුරු ගැන email me dehin.r@gmail.com මාගේ සිංහල type කිරීම එතරම් හොඳ මදි ඇති වරදක් තිබේනම් සමාවන්න
ඒක නම් ඇත්ත. මටත් මේ කියාගන්න බැරුව හිටියට මමයි ගෑනු ලමයයි ගියාගමත් අපිට අපල තියෙනවා කිව්වා. අපලවලට මොනවදෝ කරන්න ඕන කිව්වා. මට මෑන්ව ඇල්ලුවේ නැහැ. කෙල්ල නැති වෙන්න ඉස්සසෙල්ලා මාරු වුණා. පැත්ත බැලුවේ නැහැ.
ඔබ කියන ආකරයට නියම ශිල්පය ඉගෙන ගතහ හැක්කේ කොඉන්ද?
මේ ගෝතයා අද ඉස්කෝලවලටත් මූගේ කාලකණ්නි සටන් කලාව උගන්වනවා කියල මට ළමයි කිහිපදෙනෙක් කිවුවා. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඔබට පින් සිද්දවෙයි.
මා විසින් ගාමිණී චිත්‍රපටිය කිහිපවරක්ම අන්තරජාලය හරහා නරඹා තිබෙනවා. වැඩි දෙයක් වුණේ නැහැ.පොඩ්ඩක් ඔළුව කැක්කුමක් හැදුණා.ඒවා වූෂු නෙවෙයි මොනවා වුණත් අයේ අන්ගම්පොර නම් වෙන්න බැහැ කියලා මට හිතුණා.
මොහු පෙන්වන්නේ කලරි. වඩගාර්හි කලරි මඩුවකින් කාලයක් තිස්සේ මොහු මෙය උගෙන ගත්තා. බැලූ බැල්මට අංගම්පොර වගේ ඇතැම් අයට පෙනුනත් මෙය ඉන්දියානු සටන් කලාවකි.
ඒ වූෂු නෙවෙයි කියල මටත් හොදටම විස්වාසයි. නමුත් අංගම්පොර නෙවෙයි කියල මාත් විස්වාස කරනවා.
මේ හාදයා මේ අවුරුද්දට කිහිපවරක්ම ස්වාධීන රූපවාහිණියෙහි විකාශය වූ වෙනස වැඩසටහනට සහභාගි වුණා. එහිදී මොහු කියාසිටින්නේ 'අන්ගම් යනු සටනක් හෝ පොරයක් නොවන බවයි'. අන්ගම් යනු සටනක් හෝ පොරයක් නොවේනම් වෙන කුමක්ද? මොහු මේස් බැනියම් ඇදන් කරන මගඩි නැටුම්නම් බලන්නත් අප්පිරියයි.මම අහන්නේ ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්නේ?(ඔබේ අදහසක් බලාපොරොත්තු වෙමී)
ඔහු ඒ කියන එක හරි. ඔහු අංගම්පොර යයි කියා කියන අමුතුම සටන් කලාවෙන් සටනක් හෝ පොරයක් කිරීමට බැරිය. කළ හැකි එකම දෙය වන්නේ සංදර්ශන කිරීම පමණි. රවටන එක මිනිස්සුන්ගේ හැටි. නමුත් මේ රැවටීමෙන් වන්නේ අපේ අංගම් ශාස්ත්රයේ ශ්‍රී නාමය නැති කර දැමීමයි. අප මෙම බ්ලොගයෙන් උත්සාහයෙන් කරන්නේ ඒ කලු පැල්ලම යම් තරමකින් හෝ ඉවත් කිරීමයි.
සටන් කලාවට ආදරය කරන ඔබලාටවත් මොහුත් සමග (නීතිමය වශයෙන් අවසරයද ඇතිව ) සටනක් කළ හැකිද? භයානක පෙනුමක් ඇති මොහු දේශීය සටන් ශිල්පීයෙකු යැයි කිසිසේත්ම සිතිය නොහැක.ඌරා ළිදක් දැකලවත් නැති මොහු සටන් පුහුණු කරන්නේ කැලය තුලය.කුළප්පු වූ මීහරකුන් සටන් කරන්නාක් මෙන් මොහුගේ ගෝලයන් කිහිපදෙනෙක් පොරබදනා අයුරු මම වීඩියෝවක දැක ඇත.පසුගිය වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගී වූ මොහුගේ ගෝලයන් පොරබදනා ආකාරය දුටු මිනිසුන් මොහුට ගල් මුල්වලින් පහර නොදුන්නා පුදුමයි.
ප්‍රසිද්ධ සටනකට අප කිසිසේත්ම පැමිණෙන්නේ නැහැ. ඒ මේ සටන් ශාස්ත්‍රය තවදුරටත් රහසිගතව පවත්වාගෙන යා යුතු නිසයි. ඔබට භයානක පෙනුමක් මෙන් පෙනුනේ කෙසේද යන්න අපට නොතේරේ. අපට නම් මොහු දුටු විට දැනුනේ නපුංසක ස්වරූපයකි. හමුවෙන හමුවෙන් කෙනාට දෙකට නැමී කට කණට යන තුරු සිනාවී කතා කරන සටන් ශිල්පියෙකුට නොගැලපෙන උරුවකි. කලරි වලින් අහුලාගත් අසාර්ථක ගැට කිහිපයක් එක එක පැත්තට හැරී දැමීම මොහු සටන් කරනවා යයි කියමින් කරයි. නිලස්ථාන තෙරපීමක් හෝ වෙනස් භයානක යමක් මොහුගේ වීඩියෝ තුළ නැත. ඒවා චීන මැජික් සංදර්ශනයක් සේ ප්‍රේක්ෂකයාට දැනෙනු නොඅනුමානය.
ප්‍රසිද්ධ සටනක්ම වියයුතු නැහැ.මාධ්‍ය ආවරණයක් නොමැතිනම් එය ප්රමාණවත්ය.මන්දයත් ප්‍රතිවාදීන් දෙදෙනාම රහසිගත ස්ථානයක් තොරාගෙන කරනු ලබන සටනක් කිසිසේත්ම ප්‍රසිද්ධියට පත්වන්නේ නැහැ.මේ රිටිගල සුමේධ නැමැත්තා රූපවාහිණී වැඩසටහනකට සහභාගීවී මන්ත්‍ර/ස්තෝත්ර කිහිපයක් ගායනා කරනවා මම දැක්කා.එය ගැනත් යම් දෙයක් මම ඔබෙන් දැනගන්ට කැමතියි.ඒවා සටන් ශාස්ත්‍රයට අදාළ වන්න බැහැ. මට නම් හිතෙන්නේ ඒවා ඉන්දියානු මන්ත්‍ර වන බවයි.ඒවා එතරම් ප්‍රබල ඒවා වන්න බැහැ.භයානක ඉරියව්වක් මෙන් පෙනුනේ මොහුගේ 'ගාමිණී' චිත්‍රපටියේ තිබූ ඇතැම් සටන් කොටස් නැරඹීමෙනි.එය පුදුමයට කරුණක් නොවේ.සටන් ශිල්පියෙකු වුණාම මනා හික්මීමකුත් අවශ්‍යයිනේ.දකින දකින හැම එකාටම ඔරවන,බනින,ගහන එකා නිවැරදි සටන් ශිල්පියෙක් වන්නේ නැහැයි කියලා මට හිතෙනවා.
සටනකට අපට අවසර නැහැ. එම ස්තෝත්ර මොනවාදැකි දැක්විය හැකි නම් ඒවා මොනවාද යන්න කිව හැකියි. අංගම් ශාස්ත්‍ර යේ ස්තෝත්රනම් නැහැ. මන්ද ස්තෝත්ර සංස්කෘත නිසා. ඇතැම් සංස්කෘත ආභාෂයන් අංගම් ශාස්ත්‍රයට මෑත කාලයේ පැමිණි බව සැබෑ වුවද එය ස්තෝත්ර මට්ටමට ගොස් නැහැ. ගාමනී චිත්‍රපටයේ ඔහු අධ්‍යක්ෂකවරයෙක් විසින් මෙහෙයවනු ලබන නළුවෙක්. නලුවෙක් හා ඔහුගේ සැබෑ ජීවිතයේ එය නොමැති වන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මනා හික්මීම අපි හොඳින් හඳුනනවා. හික්මීම ඇතිවීම තුළ පෞර්ෂය නැති වන්නේ නැහැ. ඔහුගේ එම නපුංසක ඉරියව් වචන වලට හරවන්න තරම් භාෂාවක් ප්‍රභල නැහැ යන්නයි මගේ අදහස. අපි හොඳින් ගැහැණු හා පිරිමි ගතිලක්ෂණ හඳුනනවා.
ඔව්,වෙන්න පුළුවන්.හික්මීම ඇතිවීම නිසා පෞර්ෂ්‍යත්වය නම් නැතිවන්නේ නැහැ.දේහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන අපි නොදන්නා නිසාවෙන්ම ඒ ගැන ඔබත් සමඟ වාද කිරීමට යාම ගඟට ඉනිකැපීමක් බඳු බව දනිමු.සිදුවූ දේවල් ගැන තවදුරටත් කතාකිරීමෙන් ඵලක් නැත.ඒ කෙසේවෙතත් සුමේධ යනු දුර්වල පෞර්ෂ්‍යත්වයක් ඇති කෙනෙක් බව ඔහුගේ සටන් ඉරියව් ආදිය නැරඹීමෙන් පසු සක්සුදක් සේ පැහැදිලි විය.වැඩසටහනකට සහභාගී වී වාග් ශක්තියෙන් හීන ඉන්දියානු ස්තෝත්ර කිහිපයක් ගායනා කළ පමණින් අංගම් සටන් ගුරුවරයෙක් විය නොහැක.ඒ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රය පරතෙරට ප්‍රගුණ කළ යුතුය.දේශීය මන්ත්‍ර ශාස්ත්‍රය රාවණා යුගයටත් පෙර සිට පැවතගෙන එන්නක් වන අතර අතීතයේ සිටි මිනිසුන් සුමේධ මෙන් මෙය ගුරුකම් කිරීම වැනි සමාජ සම්මතයන්ට පටහැනි පාපකාරී ක්‍රියා කිරීම සඳහා යොදාගෙන ඇත්තේද ඉතා අල්ප වශයෙනි.
ඔබ මට වඩා දේහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන දන්න බව මමත් හොදින් දන්නවා.එය අමුතුවෙන් කිවයුතු නැහැ.මම මෙහිදී උත්සහ ගත්තේ රිටිගල සුමේධ නැමති ගෝතයා නිවැරදි කෙනෙක් බව සනාථ කිරීමට නොවේ.අ0ගම් ශාස්ත්‍රයෙහි ස්තෝත්ර නැත යැයි ඔබට කිසිසේත්ම කිවනොහැකියි,මන්දයත් සාම්ප්‍රදායික රාවණ ස්තෝත්ර වැනිදෑ බොහෝමයක් අ0ගම් ශාස්ත්‍රය තුල පවතින බව මම අසා තිබෙනවා.නමුත් රිටිගල සුමෙධ ඒවා දන්නවා විය නොහැක.ඔහු ඔය ඉන්දියානු මන්ත්‍ර කිහිපයක් අරගෙන ඒවා ගායනා කොට අ0ගම් ශාස්ත්‍රයෙහි ඇති ස්තෝත්ර ලෙස පෙන්වනවා වෙන්න පුළුවන්.එසේනම් ඉන්දියානු මන්ත්‍රවලත්,අ0ගම් ශාස්ත්‍රයෙහි මන්ත්‍රවලත් ඇති වෙනස කුමක්ද?මන්ත්‍ර ශාස්ත්‍රය යනු ඉන්දියානු ආභාෂයෙන් ලද දෙයක් කියලයි අපිනම් අහලා තියෙන්නේ.
අංගම් ශාස්ත්රයයේ ස්තෝත්ර තිබෙන නමුත් ඒවා යක්ෂ ගෝත්‍රික හේ හෙළ භාෂාවලින් ලියැවුණු ඒවාය. ඒවා සංස්කෘත නොවේ. එම නිසාවෙන්ම වර්තමාන තේරුමින් ස්තෝත්ර යන්න ගැලපෙන්නේ නැත. අංගම් ශාස්ත්රයේ මන්ත්‍ර වැඩිමනක් යක්ෂ ගෝත්‍රික ලක්ෂණ සහිතයි. පසුකාලීනව එකතු වූ යම් යම් ඉන්දියානු උරුවේ මන්ත්‍ර තිබුණද ඒවා භාවිතා වන ස්ථානය සලකා බැලූ විට එවා නිර්මාණය වූ යුගය අනුව සලකා බලා නිරවද්‍යතාව දැනගත හැකිය. මන්ත්‍ර ශාස්ත්‍රය අපේ හා ඉන්දියාවේ යන සංස්කෘතීන් දෙකේම තිබුණි. නමුත් අප මන්ත්‍ර ශාස්ත්‍රය එදා සිටම ප්‍රභල බව ඉන්දියානුවන් අද පවා පිළිගනී. මන්ත්‍ර ශාස්ත්රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන රාවණා රජුගේ පියා වන වෙසමුනි හෙවත් වෛශ්‍රවණ උත්තමයා මන්ත්‍ර ශාස්ත්‍රය අපේ යන්නට හොඳම උදාහරණයයි.
සාම්ප්‍රදායික රාවණ ස්තෝත්ර යනු මොනවාද?
රාවණා යුගයෙන්පසුව බිහිවූ රාවණා රජු නමස්කාර කිරීමට භාවිතා කරන රාවණා ස්තෝත්‍රයි. ඒවා හෙළ භාෂාවෙන් මෙන්ම පසුකාලීනව සංස්කෘතයෙන්ද නිර්මාණය වී ඇත. නමුත් ලංකාවේ අපි රාවණා උත්තමයන් නමස්කාරයට භාවිතා කරන්නේ හෙළ භාෂාවකින් නිර්මාණය වූ ස්තෝත්‍රය.
මේ මනුස්සයගේ හරි අපූරු වැඩකිඩ ටික දැකලා වෙන්න ඇති පහුගිය කාලේ රත්නපුර ප්‍රදේශයේ සිටින සුප්‍රසිද්ධ වූෂු ගුරුවරයෙක් මොහුට අභිගෝගයක් කරලා තිබුණේ.අ0ගම්පොර කියන්නෙ කාගෙවත් අභියෝගවලට ලක්නොවන ආකාරයේ ශාස්ත්‍රයක් වියයුතුයි.මොහු නියම ශාස්ත්‍රය දරන කෙනෙක් නොවේ යන්න කීමට මට එයම වුණත් ප්‍රමාණවත්.අ0ගම්පොර තියා කලරිවත් හරියට ඉගෙනගෙන තියනවද කියන්න මම නම් දන්නෙ නැහැ.ගාමිණී චිත්රපටියෙ නම් හරි අපූරුවට ගැට ක්‍රම කිහිපයක් යොදමින් මොහු සටන් කරනවා අපි දුටුවා.පහුගිය කාලෙ මේස් බැනියම් හා කොට කලිසම් ඇද සටන් පුහුණුකරපු මොහු දැන් වෙට්ටියක් ඇද සටන් කරනවා දැකිය හැක.මේවා ඉතින් බුද්ධිමත් මිනිස්සුන්ට පශ්චාත් භාගයෙන් හිනායන වැඩ.
ඔබ කියන කාරණය තමයි මෙවන් අංගම්පොර නමින් පෙනී සිටින අධමයන් විසින් අපේ ශාස්ත්‍රයට කරන ලොකුම අවමානය. අංගම් ශිල්පියෙකුට අභියෝග කිරීමට වත් බය ඇති පිරිසක් සිටි රටක් මේක. මොවුන්ට පුද්ගලිකව අභියෝග කළද මොවුන් එයින් පැන දුවන විට එහි අවමානය දැනෙන්නේ අංගම් ශාස්ත්රයටය.
බොරු ආරූඪවීමක් ලබා ප්‍රේක්ෂකයින් රැවටෙනසේ සටන් කිරීම මේ රිටිගල විසුද්ධි හරඹයේ කොටසක්දැයි මට සිතිණි.මොහු කියන විදිහට අනුව ඔවුන්ගේ පුරෝගාමියාවූ ජයසේන යක්ෂයා සටන්කරුවාට ආරූඪවූ විට මිනිසුන් සියදෙනෙක් සමග වුවද සටන්කිරීමට හැකියාව ලැබෙන බවයි.මෙය අ0ගම් ශාස්ත්‍රයට හා ගුප්ත ශාස්ත්‍රයට අනුව නිවැරදි කරුණක්ද??? මා දන්නා අනුව නම් ආරූඪවන්නේ දේවාලයේ කත්තඩිකම් කරන අය මිසක් සටන්කරුවන් නොවේ.
මායා අංගම් ගැන උඩින් පල්ලෙන් කියවූ කෙනෙකුට සිතෙන දේ තමයි අංගම්පොරවලදී ආරූඪයෙන් සටන් කළ හැකියි යන්න. අංගම් ශාස්ත්‍රය ගැන පොතපතින් පමණක් අතගා බලා ඇති සුමේධට ද එසේ සිතුණාට සැක නැත. ඔහු කියනා ලෙස ආරූඪයෙන් ඔහුට සටන් කළ හැකි නම් අංගම්පොර ඉගෙන ගන්නා එක පැත්තක දමා කපුරාළ කෙනෙක් වන්නට තිබිණ.
කුමක්ද ඇත්තට මේ 'විසුද්ධි සටන් භාවනා' කියන්නෙ? එමඟින් ආරුඪ විය හැකි යැයි මොහු පවසා තිබෙනවා.මෙය පරස්පර විරෝධී මතයක් නොවේද?
විශුද්ධි භාවනා කියා යමක් අද්‍යතන භාෂාවෙන් කියනවා නම් ‘ලොවෙත් නැත‘. අනෙක් කාරණය ආරූඩ වන්නේ කපුවන් මිස සටන් ශිල්පීන් නොවේ. පෙරේතයෝ ආරූඩ වී කළ හැකි සටනක් නැත.
අනෙක් කරුණ නම් මොහු නිවැරදි කෙනෙක් නම් ඔහුගෙ පරම්පරාවෙහි ඉතිහාසය ආදිය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි විය යුතුය.ජයසේනගේ පුරාවෘත්තය පමණක් එයට ප්‍රමාණවත් නැහැ.
මේ සුමේධලාල් දොඩම්ගොඩ කියන්නෙ අද කාලෙ ඉන්න හාමුදුරුවරු පවා රවටන කෙනෙක්. ඒ බව පුවත්පතක තිබූ ලිපියකින් සනාථ වුණා.
ඔබ නිවැරදියි. සුමේධගේ අලුත්ම ව්‍යාපාරය තමයි පෝය දාට පන්සල් ගොස් උපාසක අම්මලාට අංගම්පොර කියා ඔහුගේ විගඩම ගැන කියා දීම. අපේ රටේ ඉන්න අඥාන හාමුදුරුවරුත් මේවට අහුවෙනවා. ඊයේ පෙරේදා ලෙනගල පන්සලේ හාමුදුරුවොත් අහුවෙලා තිබුණා.
ඔව් , ඔබ කියන දේත් ලොකු ඇත්තක් තිබෙනවා මිත්‍රයා.ලෙනගල පන්සලේ ස්වාමීන් වහන්සේ පමණක් නොවේ පන්නිපිටිය දෙවුරම් වෙහෙරේ සිටින කොළොන්නාවේ හාමුදුරුවොත් මොහුගේ අවජාතක හරඹය සාධාරනීකරණය කිරීමට මහත් උත්සහයක් ගත්බව පහුගිය මාස ගණනාවක් තුල බුදුමග පුවත්පත්වල පලවූ ලිපි කියැවීමෙන් පෙනීයනවා.අසම්මත ගණයේ මෙන්ම සහ කිසිඳු සදාචාර සම්පන්න බවක් නොමැති මොහුගේ රිටිගල අංගම් හරඹයේ සටන් පෙන්වීම අවසන් වී ආචාරකිරීමක් මා මේතාක් දුරට දැක නැත.
ඊරි කොලස යන මාරන්තික නිල ශාස්ත්‍රය තමන් දන්නා බව රිටිගල සුමේධයන් විසින් වරක් පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.ඔබලා ඒ පිළිබඳව දැනුවත්වී සිටියොත් හොඳයි.තව මොන මොන බොරු පත්තරවලට දමයිද කියලනම් අපිට උපකල්පනය කරන්න බැහැ.
රීරි කොලස යනු මෙරට ඉතිහාසයේ පැවති මාරාන්තික සටන් ක්රමයකි. එය දන්නා අය අදට අල්පය. මෙය දන්නා අයෙකුට කෙනෙකුට සිහිනැතිවීමට පහර දීමටත් නැවත සිහි ගැන්වීමටත් හැකිවිය යුතුයි. හැකි නම් සුමේධට ඔහුගේ ගෝලයෙකු නොවන කෙනෙකුට එසේ කර පෙන්වන්න කියන්න. නමුත් කලරිවල ඇති මර්මස්ථාන විද්‍යාෙවන් නොවේ.
ඊරි කොලස හෝ ඒ හා සමාන වෙනත් නිල සටන් ක්‍රම කලරිවලද පවතිය හැක.එම නිසා යමෙකුව සිහි නැතිකරවීමත් නැවත සිහි ගැන්වීමත් කලරි ගුරුවරයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි බව මම නිගමනය කරමි.සුමේධ අඩුම තරමින් කලරිවත් පරතෙරට ප්‍රගුණ කළ නැති අයෙක් විය යුතුය,මන්ද කලරි කලාව සම්පූර්ණයෙන් ඉගැනීමට වසර 3 ක් ප්‍රමාණවත් නොවීමයි.නිල සටන් ක්‍රම ගැන බොහෝ දෙනා සිතන්නේ මේවා බොරු රඟපෑම් බවය.නමුත් නිල ගැන උගත් සටන්කාරයෙක් සමඟ සටන් කළහොත් ඔවුනට සිදුවන දේ සිතාගත නොහැකිය.
මොහුගේ වීඩියෝ ආදිය නැරඹීමෙන් මට ඇතිවූ ප්රශ්නය වනුයේ 'සටනක් යනු හුදෙක් ගැටවලින් පමණක් කරන දෙයක්ද?' යන වගයි.පහරදීම්,පිනුම් ගැසීම ආදිය මොහුගේ පින්තූර හා වීඩියෝ තුල විරලය.
දොඩම්ගොඩ යනු යක්ෂ ගෝත්‍රික පෙළපත් නාමයක්ද?
රිටිගල හරඹයේ ඇත්තේ ගැට යොදමින් විවිධ අතට කැරකීම පමණි.එහි ඇති බොහෝ සටන් කොටස් කලරිවලින් උකහාගන්නා ලද ඒවාය.ගැටයක් නියමාකාරයෙන් යෙදීමට තරම්වත් මොහුගේ ගෝලබාලයින් ශක්තිමත් නැත.එය කෙසේවෙතත් මෙහි ඇති නිල ශාස්ත්‍රයට නම් මා ඉතා කැමතිය.
ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. (සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
මේ අපගෙන් ලැබෙන අවසාන අනතුරු ඇඟවීම ලෙස සලකන්න. "ඌරන් සමග පෝර බදන විට මඩ ගාගන්නට වෙන බව අප හොඳින් දනිමු" . මෙපමණ කලක් අපගේ ඉවසීමට හේතු වූ කාරණයද එයයි. නමුත් දැන් ඔබලා විසින් සීමාව ඉක්මවා යන බව දක්නට ලැබේ. අපහට වෙබ් අඩවි වලින් සහ බ්ලොග්ස් වලින් අපහාස කිරීමට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව අප විසින් සොයාගෙන ඇත. මින්මතු අපගේ ශ්‍රේෂ්ඨ ගුරුතුමන්ට, ගුරු පරම්පරාවට, සටන් ශාස්ත්‍රයට, අංගම් මඩුවට නුඹලා විසින් නින්දා අපහාස කිරීමට සිතන්නේනම් සියලු දෙනාගේම වෙලාපත්කඩ බලවාගෙන කටයුතු කරන ලෙස මෙයින් දැනුම් දී සිටිමු.
ReplyDeleteබොහොම කේන්ති ගිහිල්ලා වගෙයි සහෝදරයා. ඇයි මෑත කාලයේ භාවනාවක් වත් කලේ නැද්ද? කලානම් හික්මීම ටිකක් වර්ධනය වෙනවා. ඒක පුහුණු කර ගත්ත දවසක ඔබට කර ඇති චෝදනා සියල්ලට සාක්ෂි සහිතව පිළිතුරු එවන්න. මෙම වෙබ් අඩවියේ සඳහන් කොට ඇති පින්තූර, විඩියෝ හා තොරතුරු වැරදි නම් ඒවා නිවැරදි කර ගන්න නම් තරමක් ඉවසීමෙන් කටයුතු කලොත් හොඳයි. හොඳ සටන් කරුවෙක් වුණාම ඔහුට හොඳ හික්මීමක් අනිවාර්යයි. කොහොම වුණත් අපි කියන විදියට වැඩ කරනවානම් මෙම උපහාසයෙන් නිදහස් විය හැකි බව දන්වමු.
ReplyDeleteතෙරුවන් සරණයි ඔබට.
අංගම්පොඩි නැමැත්තා වෙතට , මේ බ්ලොගයෙම ඔවුන් විසින් සදහන් කර ඇති කරුණු ගැන මම විවේචනය කරමින් ලිපියක් ලිව්වා. ඒවාට නිහඩව සිටිනවා. තවම පිළිතුරු නැ එකට. තවත් දේවල් නම් ලියන්න ගොඩක් තියනවා. අංගම්පොඩිත් කරන්නේ එක්තර ආකාරයේ ප්‍රෝඩාවක් . ඔබට ඔය නමත් සුදුසු නැ. සටන් ශාස්ත්‍රයටත් අගෞරවයක්.
ReplyDeleteනමුත් ඔබ කවුරු වුවත් , යම් පමණකින් හෝ අංගම් සටන් ශාස්ත්‍රය වෙනුවෙන් කරන මේ මෙහෙය නම් අගය කරනවා.
දික්සඳ ඔබේ ලිපිය ලැබී තිබෙනවා. නමුත් ඔබ පමණක් නොව ලිපි එවන සෑම දෙනාටම අප පිළිතුරු දිය යුතුයි. එම පිළිතුර නිවැරදි එකක්ද විය යුතුයි. ඒ නිසා යම් තරමක ප්‍රමාදයක් අපේක්ෂා කරන්න වෙනවා. ලිපි ලියන සෑම දෙනාගේම ඉවසීම අප අගය කොට සලකනවා. (සටන් ශාස්ත්‍රයට ගරු කර නිසා තමයි මෙච්චර මහන්සි වෙන්නේ)
ReplyDeleteමේකේ දාල තියෙන වීඩියෝ එකේ හැටියට මෙයා ඉගෙන ගෙන තියෙන්නේ කලරිනේ. ඉතින් ඇයි මේවා ඔයාලා පත්තරවලට දෙන්නේ නැත්තේ. පත්තරවලින්නේ මෙයා ගැන වර්ණනා කරන්නේ.
ReplyDeleteමමත් මෙයාගේ රගපෑම් දැක්ක. හැබැයි මට තේරුණා මේකට මෙයාව බලෙන් ගෙන කියල. ආණ්ඩුව යුද්දේ විකුණන් කන තව එක ක්‍රමයක්. මෙයත් කඩේ යනවා. ලැජ්ජයි.
ReplyDeleteඅංගම් පොඩි ඇතුලු සියලු දෙනා වෙතට ,
ReplyDeleteමම සහන් ලක්ශිත පෙරේරා වෙමි , ඔබගේ "රිටිගල ව්‍යාජ අංගම් " බ්ලොග් අඩවියේ රිටිගල සුමේධ මහතා හා සම්බන්ද සියලු තොරතුරු බැලිමි . නමුත් එම බ්ලොගය කියවීමෙන් හෝ එහි ඇති වීඩියෝ පට නැරඹීමෙන් පමනක් යම්තාක් දුරට ප්‍රචලිත "රිටිගල අංගම් පරම්පරාව" හෝ රිටිගල සුමේද එම අංගම් පරම්පරාවේ අවසාන උරුමකරුවා ය යන මතය බැහැර කල නොහැක ඒ සඳහා හේතු දැක්වුව හොත්>>>>>>>>>
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>>> ,
ReplyDelete1. රිටිගල සුමේද මහතා විසින් රචිත "රිටිගල අංගම් කෘතියේ
*ඇමති ලක්ශ්මන් සෙනෙවිරත්න
*නීතීඥ ජානක බන්ඩාර
* මේජර් ජෙනරාල් දයා රත්නායක
යන පුද්ගලයන් තිදෙනා විසින් එහි කරුනු පිලිබඳව හා එම කෘතියේ ගුනාත්මක බව පිලිබඳව සහතිකයක් ලබා දී ඇත . මොවුන් ගෙන් දෙදෙනෙක් රජයේ සේවකයන් වන අතර රාජ්‍ය සේවයේ ඉහල නිල තල වල සිටින තැනැත්තන්ට කිසිදු ආකාරයක අවිශ්වාසී හෝ සොයා නොබලන ලද කිසිවකට තමා ගේ නිලය බ්හාවිතා කරමින් සහතික නිකුත් කල නොහැක එසේම අනෙක් නීතීඥ වරයාද සිය වුර්තීය ජීවිතයේදී කිසිදු නීති විරෝදී කටයුත්තකට සම්බන්ද නොවීමට ශ්‍රේශ්ටාදිකරනයෙන් බැඳී ඇත>>>>>>>
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>>>>.
ReplyDeleteඑනිසා ඔවුන් ගේ සහතිකයන් පිලිබඳව යම්තාක් දුරට හෝ විශ්වාසයකට එලබිය හැක
මෙය මෙම ගැටලුව සදහා ඇති සරලම හා ප්‍රායෝගික තර්කනයයි
"අංගම් පොඩි " නමින් නම් කර ඇති මෙම බ්ලොගයේ එහි කතෘ වරයා පිලිබඳව කිසිඳු සදහනක් කර නැති අතර මෙම කරුනු ගෙන හැර දැක්වීමට ඔහු සතු සුදුසුකම දක්වා නැත . හුදෙක් කවරෙකු හෝ කියූ පලියට අද සමාජයේ කිසිවක් පිලිගන්නේ නැත .>>>>>>>
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>>> එසේ පිලිගන්නේ එම කරුන ඉදිරිපත් කරන තනැත්තා "කින්ද මන්ද " යන්න හා ඔහුගේ තරාතිරම සොයා බලාය. මා කියන්නේ කුමක්දැයි මෙම බ්ලොගයේ කතෘ වරයාට වැටහේ යයි සිතමි .
ReplyDeleteඅනෙක් කරුන නම් මෙම බ්ලොගය කියවාගෙන යාමේදී මෙහි කතෘ වරයාද අංගම් පොර ගැන දැනුම ඇති අංගම් පොර හා සම්බන්ද පුද්ගලයෙකු බව වැටහෙනු ඇත . එසේ නම් මෙමෙ බ්ලොගය තවත් අංගම් කරුවෙකු විසින් ඉරීසියාවට ලියන ලද්දක් දෝ පාටකයාගේ සිතට සැකයක් මතු වේ .
රිටිගල සුමේද නම් තැනත්තා ඉන්දියාවේ "කලරි" යනුවෙන් සදහන් කර ඇති සටන්ද , වූශු ගුරුවරයෙකුද යන්න ගෙන හැර දක්වීම මගින් ඔහු රිටිගල අංගමෙහි උරුමකරුවා ලෙස ගොඩ නැගී ඇති තර්කය බිඳ හෙලිය නො හැක .>>>>>>>>>
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>> එසේම ඉන්දියාවේ සටන් ගුරුවරයාගෙන් සුමේද ගුටි කෑම නිසා ඔහු සටන් නොදන්නා අයෙකී ගෙනහැර පාම ගොන් තර්කයකි . ( පුහුනු වීම් වලදී එසේ සිදු විය හැකි බව ඕනෑම ක්‍රීඩාවක් කරන්නෙකු දනී )
ReplyDeleteඅවසාන වශයෙන් මෙම බ්ලොගය තුලින් රිටිගල සුමේද ව්‍යාජ අංගම් කරුවෙකු යන්න පහැදිලි කිරීම සඳහා කිසිදු පැහැදිලි තර්කයක් ගොඩනැගී නැතැයි කීමට කැමත්තෙමි >>>>>>
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
>>>>>>>>>. නමුත් ගෙන ඇති උත්සාහය අගය කරමි
ReplyDeleteමාගේ මෙම කොමෙන්ටුව මෙම බ්ලොගය කියවන සියලු දෙනාටම දැක ගත හැකි වේවායි පතමි . මෙය මකා නොදමන ලෙස "අංගම් පොඩි " හි කතෘන් ගෙන් ඉල්ලා සිටිමි. එසේ නොකලහොත් මෙම කමෙන්ටුවට මීට වඩා සුදුසු තැනක් සොයා පල කරන බව අවදාරනය කරමි
සැමට බුදු සරනයි ..............!!!
පිළිතුර පහත පිටුවේ -
Deleteඋත්තරවලට ප්‍රතිඋත්තර
මම නම් මේ හොරාගේ ගෙදරත් ගිහින් තියෙනවා අරංගල ඉන්නේ හඳහන් බලනවා මමයි මගේ නොනයි දෙන්නත් එක්ක ගියාම මට අපලයි අපේ කසාදෙ කැඩෙනවා කිව්වා අවුරුද්දෙන් (අපි අදටත් පවුල් කනවා) කියන්නෙම අපලයි කියල කියල pendent එකක් දාන්න ඕනේ කිව්වා india වල කිව්වා මතුරන්නේ අපිත් ඉතින් මේක විශ්වාස කරන් හැදුව pendent ඒක දුන්නම බුදුපානෙන් තෙල් ටිකක් ගෑව අපට දුන්න මම ඇහුවම කියනවා මේ තෙල් ඉන්දියාවේ මතුරලා තියෙන්නේ කියල මොන ලංකාවේ කොතනද pendent එකක තෙල් ගාල දෙන්න ආරක්ෂාවක් කරනවානම් කරන්නේ සුරේක තෙල් දාල අනේ ඉතින් අපි manta සල්ලිත් දීල (කේන්දර බලන්න 1000 ක් ගන්නවා) වදෙකලට 7000 ක් දීල අපිට තැන කියපු අපේම හිතවතෙකුට බැන බැන ගෙදර ආව මම කියන්නේ මේ බොරු තොරතුරක් නෙවෙයි සුමේධගේ ගෙදර දන්නා කෙනක් දන්නවා ඇති තියෙන්නේ TATA cab එකක් ඉන්නවා තරුණ කෙල්ලෙක් කෙල්ල මෙයාට කතාකරන්නේ මාමා කියල මාමයි ලේලියි ගෙදර තනිවම ඉන්නේ අපිටනම් පෙනුනේ වෙන දෙයක් ඒක මෙතනට අදාළ නෑ man අංගම් කියල කරන්නෙත් බොරු හඳහන් බලනවා කියල කියන්නෙත් බොරු අර කියල තියෙනවා වගේ උගත් හිතවත් මෝඩයෝ නිසයි මමත් රැවටුනේ මේ බ්ලොග් ඒක මාමා ඔක්කොම බැලුව හරිම හොඳ දෙයක් රටට සිංහල සංස්කෘතියට බෞද්ධකමට ආදරය කරන සිංහල බෞද්දයො අදත් මේ රටේ ඉන්නවා කියන එක මේක බැලුම මට තේරුම් ගියා රටේ නායකයෝන්ගේ කොන්ද පන නැතිකම නිසයි මේ හදිය අපිට වෙලා තියෙන්නේ දැන් තව ටික දවසකින් හම්බයෝ මේ රටත් උන්ගෙයි කියයි අනගාරික ධර්මපාල තුමාගේ කීම අදවනවිට 100% අත්තවෙලා තියෙන්නේ අනේ අසරණ සිංහල අපි මම දේහින් රාජනායක ගැටළුවක් තියෙනවනම් මම දුන් තොරතුරු ගැන email me dehin.r@gmail.com මාගේ සිංහල type කිරීම එතරම් හොඳ මදි ඇති වරදක් තිබේනම් සමාවන්න
ReplyDeleteඒක නම් ඇත්ත. මටත් මේ කියාගන්න බැරුව හිටියට මමයි ගෑනු ලමයයි ගියාගමත් අපිට අපල තියෙනවා කිව්වා. අපලවලට මොනවදෝ කරන්න ඕන කිව්වා. මට මෑන්ව ඇල්ලුවේ නැහැ. කෙල්ල නැති වෙන්න ඉස්සසෙල්ලා මාරු වුණා. පැත්ත බැලුවේ නැහැ.
ReplyDeleteඔබ කියන ආකරයට නියම ශිල්පය ඉගෙන ගතහ හැක්කේ කොඉන්ද?
ReplyDeleteමේ ගෝතයා අද ඉස්කෝලවලටත් මූගේ කාලකණ්නි සටන් කලාව උගන්වනවා කියල මට ළමයි කිහිපදෙනෙක් කිවුවා. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඔබට පින් සිද්දවෙයි.
ReplyDeleteමා විසින් ගාමිණී චිත්‍රපටිය කිහිපවරක්ම අන්තරජාලය හරහා නරඹා තිබෙනවා. වැඩි දෙයක් වුණේ නැහැ.පොඩ්ඩක් ඔළුව කැක්කුමක් හැදුණා.ඒවා වූෂු නෙවෙයි මොනවා වුණත් අයේ අන්ගම්පොර නම් වෙන්න බැහැ කියලා මට හිතුණා.
ReplyDeleteමොහු පෙන්වන්නේ කලරි. වඩගාර්හි කලරි මඩුවකින් කාලයක් තිස්සේ මොහු මෙය උගෙන ගත්තා. බැලූ බැල්මට අංගම්පොර වගේ ඇතැම් අයට පෙනුනත් මෙය ඉන්දියානු සටන් කලාවකි.
Deleteඒ වූෂු නෙවෙයි කියල මටත් හොදටම විස්වාසයි. නමුත් අංගම්පොර නෙවෙයි කියල මාත් විස්වාස කරනවා.
Deleteමේ හාදයා මේ අවුරුද්දට කිහිපවරක්ම ස්වාධීන රූපවාහිණියෙහි විකාශය වූ වෙනස වැඩසටහනට සහභාගි වුණා. එහිදී මොහු කියාසිටින්නේ 'අන්ගම් යනු සටනක් හෝ පොරයක් නොවන බවයි'. අන්ගම් යනු සටනක් හෝ පොරයක් නොවේනම් වෙන කුමක්ද? මොහු මේස් බැනියම් ඇදන් කරන මගඩි නැටුම්නම් බලන්නත් අප්පිරියයි.මම අහන්නේ ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්නේ?(ඔබේ අදහසක් බලාපොරොත්තු වෙමී)
ReplyDeleteඔහු ඒ කියන එක හරි. ඔහු අංගම්පොර යයි කියා කියන අමුතුම සටන් කලාවෙන් සටනක් හෝ පොරයක් කිරීමට බැරිය. කළ හැකි එකම දෙය වන්නේ සංදර්ශන කිරීම පමණි. රවටන එක මිනිස්සුන්ගේ හැටි. නමුත් මේ රැවටීමෙන් වන්නේ අපේ අංගම් ශාස්ත්රයේ ශ්‍රී නාමය නැති කර දැමීමයි. අප මෙම බ්ලොගයෙන් උත්සාහයෙන් කරන්නේ ඒ කලු පැල්ලම යම් තරමකින් හෝ ඉවත් කිරීමයි.
Deleteසටන් කලාවට ආදරය කරන ඔබලාටවත් මොහුත් සමග (නීතිමය වශයෙන් අවසරයද ඇතිව ) සටනක් කළ හැකිද? භයානක පෙනුමක් ඇති මොහු දේශීය සටන් ශිල්පීයෙකු යැයි කිසිසේත්ම සිතිය නොහැක.ඌරා ළිදක් දැකලවත් නැති මොහු සටන් පුහුණු කරන්නේ කැලය තුලය.කුළප්පු වූ මීහරකුන් සටන් කරන්නාක් මෙන් මොහුගේ ගෝලයන් කිහිපදෙනෙක් පොරබදනා අයුරු මම වීඩියෝවක දැක ඇත.පසුගිය වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගී වූ මොහුගේ ගෝලයන් පොරබදනා ආකාරය දුටු මිනිසුන් මොහුට ගල් මුල්වලින් පහර නොදුන්නා පුදුමයි.
ReplyDeleteප්‍රසිද්ධ සටනකට අප කිසිසේත්ම පැමිණෙන්නේ නැහැ. ඒ මේ සටන් ශාස්ත්‍රය තවදුරටත් රහසිගතව පවත්වාගෙන යා යුතු නිසයි. ඔබට භයානක පෙනුමක් මෙන් පෙනුනේ කෙසේද යන්න අපට නොතේරේ. අපට නම් මොහු දුටු විට දැනුනේ නපුංසක ස්වරූපයකි. හමුවෙන හමුවෙන් කෙනාට දෙකට නැමී කට කණට යන තුරු සිනාවී කතා කරන සටන් ශිල්පියෙකුට නොගැලපෙන උරුවකි. කලරි වලින් අහුලාගත් අසාර්ථක ගැට කිහිපයක් එක එක පැත්තට හැරී දැමීම මොහු සටන් කරනවා යයි කියමින් කරයි. නිලස්ථාන තෙරපීමක් හෝ වෙනස් භයානක යමක් මොහුගේ වීඩියෝ තුළ නැත. ඒවා චීන මැජික් සංදර්ශනයක් සේ ප්‍රේක්ෂකයාට දැනෙනු නොඅනුමානය.
Deleteප්‍රසිද්ධ සටනක්ම වියයුතු නැහැ.මාධ්‍ය ආවරණයක් නොමැතිනම් එය ප්රමාණවත්ය.මන්දයත් ප්‍රතිවාදීන් දෙදෙනාම රහසිගත ස්ථානයක් තොරාගෙන කරනු ලබන සටනක් කිසිසේත්ම ප්‍රසිද්ධියට පත්වන්නේ නැහැ.මේ රිටිගල සුමේධ නැමැත්තා රූපවාහිණී වැඩසටහනකට සහභාගීවී මන්ත්‍ර/ස්තෝත්ර කිහිපයක් ගායනා කරනවා මම දැක්කා.එය ගැනත් යම් දෙයක් මම ඔබෙන් දැනගන්ට කැමතියි.ඒවා සටන් ශාස්ත්‍රයට අදාළ වන්න බැහැ. මට නම් හිතෙන්නේ ඒවා ඉන්දියානු මන්ත්‍ර වන බවයි.ඒවා එතරම් ප්‍රබල ඒවා වන්න බැහැ.භයානක ඉරියව්වක් මෙන් පෙනුනේ මොහුගේ 'ගාමිණී' චිත්‍රපටියේ තිබූ ඇතැම් සටන් කොටස් නැරඹීමෙනි.එය පුදුමයට කරුණක් නොවේ.සටන් ශිල්පියෙකු වුණාම මනා හික්මීමකුත් අවශ්‍යයිනේ.දකින දකින හැම එකාටම ඔරවන,බනින,ගහන එකා නිවැරදි සටන් ශිල්පියෙක් වන්නේ නැහැයි කියලා මට හිතෙනවා.
ReplyDeleteසටනකට අපට අවසර නැහැ. එම ස්තෝත්ර මොනවාදැකි දැක්විය හැකි නම් ඒවා මොනවාද යන්න කිව හැකියි. අංගම් ශාස්ත්‍ර යේ ස්තෝත්රනම් නැහැ. මන්ද ස්තෝත්ර සංස්කෘත නිසා. ඇතැම් සංස්කෘත ආභාෂයන් අංගම් ශාස්ත්‍රයට මෑත කාලයේ පැමිණි බව සැබෑ වුවද එය ස්තෝත්ර මට්ටමට ගොස් නැහැ. ගාමනී චිත්‍රපටයේ ඔහු අධ්‍යක්ෂකවරයෙක් විසින් මෙහෙයවනු ලබන නළුවෙක්. නලුවෙක් හා ඔහුගේ සැබෑ ජීවිතයේ එය නොමැති වන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මනා හික්මීම අපි හොඳින් හඳුනනවා. හික්මීම ඇතිවීම තුළ පෞර්ෂය නැති වන්නේ නැහැ. ඔහුගේ එම නපුංසක ඉරියව් වචන වලට හරවන්න තරම් භාෂාවක් ප්‍රභල නැහැ යන්නයි මගේ අදහස. අපි හොඳින් ගැහැණු හා පිරිමි ගතිලක්ෂණ හඳුනනවා.
Deleteඔව්,වෙන්න පුළුවන්.හික්මීම ඇතිවීම නිසා පෞර්ෂ්‍යත්වය නම් නැතිවන්නේ නැහැ.දේහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන අපි නොදන්නා නිසාවෙන්ම ඒ ගැන ඔබත් සමඟ වාද කිරීමට යාම ගඟට ඉනිකැපීමක් බඳු බව දනිමු.සිදුවූ දේවල් ගැන තවදුරටත් කතාකිරීමෙන් ඵලක් නැත.ඒ කෙසේවෙතත් සුමේධ යනු දුර්වල පෞර්ෂ්‍යත්වයක් ඇති කෙනෙක් බව ඔහුගේ සටන් ඉරියව් ආදිය නැරඹීමෙන් පසු සක්සුදක් සේ පැහැදිලි විය.වැඩසටහනකට සහභාගී වී වාග් ශක්තියෙන් හීන ඉන්දියානු ස්තෝත්ර කිහිපයක් ගායනා කළ පමණින් අංගම් සටන් ගුරුවරයෙක් විය නොහැක.ඒ සඳහා මන්ත්‍ර ශාස්ත්‍රය පරතෙරට ප්‍රගුණ කළ යුතුය.දේශීය මන්ත්‍ර ශාස්ත්‍රය රාවණා යුගයටත් පෙර සිට පැවතගෙන එන්නක් වන අතර අතීතයේ සිටි මිනිසුන් සුමේධ මෙන් මෙය ගුරුකම් කිරීම වැනි සමාජ සම්මතයන්ට පටහැනි පාපකාරී ක්‍රියා කිරීම සඳහා යොදාගෙන ඇත්තේද ඉතා අල්ප වශයෙනි.
Deleteඔබ මට වඩා දේහ ලක්ෂණ ශාස්ත්‍රය ගැන දන්න බව මමත් හොදින් දන්නවා.එය අමුතුවෙන් කිවයුතු නැහැ.මම මෙහිදී උත්සහ ගත්තේ රිටිගල සුමේධ නැමති ගෝතයා නිවැරදි කෙනෙක් බව සනාථ කිරීමට නොවේ.අ0ගම් ශාස්ත්‍රයෙහි ස්තෝත්ර නැත යැයි ඔබට කිසිසේත්ම කිවනොහැකියි,මන්දයත් සාම්ප්‍රදායික රාවණ ස්තෝත්ර වැනිදෑ බොහෝමයක් අ0ගම් ශාස්ත්‍රය තුල පවතින බව මම අසා තිබෙනවා.නමුත් රිටිගල සුමෙධ ඒවා දන්නවා විය නොහැක.ඔහු ඔය ඉන්දියානු මන්ත්‍ර කිහිපයක් අරගෙන ඒවා ගායනා කොට අ0ගම් ශාස්ත්‍රයෙහි ඇති ස්තෝත්ර ලෙස පෙන්වනවා වෙන්න පුළුවන්.එසේනම් ඉන්දියානු මන්ත්‍රවලත්,අ0ගම් ශාස්ත්‍රයෙහි මන්ත්‍රවලත් ඇති වෙනස කුමක්ද?මන්ත්‍ර ශාස්ත්‍රය යනු ඉන්දියානු ආභාෂයෙන් ලද දෙයක් කියලයි අපිනම් අහලා තියෙන්නේ.
ReplyDeleteඅංගම් ශාස්ත්රයයේ ස්තෝත්ර තිබෙන නමුත් ඒවා යක්ෂ ගෝත්‍රික හේ හෙළ භාෂාවලින් ලියැවුණු ඒවාය. ඒවා සංස්කෘත නොවේ. එම නිසාවෙන්ම වර්තමාන තේරුමින් ස්තෝත්ර යන්න ගැලපෙන්නේ නැත. අංගම් ශාස්ත්රයේ මන්ත්‍ර වැඩිමනක් යක්ෂ ගෝත්‍රික ලක්ෂණ සහිතයි. පසුකාලීනව එකතු වූ යම් යම් ඉන්දියානු උරුවේ මන්ත්‍ර තිබුණද ඒවා භාවිතා වන ස්ථානය සලකා බැලූ විට එවා නිර්මාණය වූ යුගය අනුව සලකා බලා නිරවද්‍යතාව දැනගත හැකිය. මන්ත්‍ර ශාස්ත්‍රය අපේ හා ඉන්දියාවේ යන සංස්කෘතීන් දෙකේම තිබුණි. නමුත් අප මන්ත්‍ර ශාස්ත්‍රය එදා සිටම ප්‍රභල බව ඉන්දියානුවන් අද පවා පිළිගනී. මන්ත්‍ර ශාස්ත්රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන රාවණා රජුගේ පියා වන වෙසමුනි හෙවත් වෛශ්‍රවණ උත්තමයා මන්ත්‍ර ශාස්ත්‍රය අපේ යන්නට හොඳම උදාහරණයයි.
Deleteසාම්ප්‍රදායික රාවණ ස්තෝත්ර යනු මොනවාද?
ReplyDeleteරාවණා යුගයෙන්පසුව බිහිවූ රාවණා රජු නමස්කාර කිරීමට භාවිතා කරන රාවණා ස්තෝත්‍රයි. ඒවා හෙළ භාෂාවෙන් මෙන්ම පසුකාලීනව සංස්කෘතයෙන්ද නිර්මාණය වී ඇත. නමුත් ලංකාවේ අපි රාවණා උත්තමයන් නමස්කාරයට භාවිතා කරන්නේ හෙළ භාෂාවකින් නිර්මාණය වූ ස්තෝත්‍රය.
Deleteමේ මනුස්සයගේ හරි අපූරු වැඩකිඩ ටික දැකලා වෙන්න ඇති පහුගිය කාලේ රත්නපුර ප්‍රදේශයේ සිටින සුප්‍රසිද්ධ වූෂු ගුරුවරයෙක් මොහුට අභිගෝගයක් කරලා තිබුණේ.අ0ගම්පොර කියන්නෙ කාගෙවත් අභියෝගවලට ලක්නොවන ආකාරයේ ශාස්ත්‍රයක් වියයුතුයි.මොහු නියම ශාස්ත්‍රය දරන කෙනෙක් නොවේ යන්න කීමට මට එයම වුණත් ප්‍රමාණවත්.අ0ගම්පොර තියා කලරිවත් හරියට ඉගෙනගෙන තියනවද කියන්න මම නම් දන්නෙ නැහැ.ගාමිණී චිත්රපටියෙ නම් හරි අපූරුවට ගැට ක්‍රම කිහිපයක් යොදමින් මොහු සටන් කරනවා අපි දුටුවා.පහුගිය කාලෙ මේස් බැනියම් හා කොට කලිසම් ඇද සටන් පුහුණුකරපු මොහු දැන් වෙට්ටියක් ඇද සටන් කරනවා දැකිය හැක.මේවා ඉතින් බුද්ධිමත් මිනිස්සුන්ට පශ්චාත් භාගයෙන් හිනායන වැඩ.
ReplyDeleteඔබ කියන කාරණය තමයි මෙවන් අංගම්පොර නමින් පෙනී සිටින අධමයන් විසින් අපේ ශාස්ත්‍රයට කරන ලොකුම අවමානය. අංගම් ශිල්පියෙකුට අභියෝග කිරීමට වත් බය ඇති පිරිසක් සිටි රටක් මේක. මොවුන්ට පුද්ගලිකව අභියෝග කළද මොවුන් එයින් පැන දුවන විට එහි අවමානය දැනෙන්නේ අංගම් ශාස්ත්රයටය.
Deleteබොරු ආරූඪවීමක් ලබා ප්‍රේක්ෂකයින් රැවටෙනසේ සටන් කිරීම මේ රිටිගල විසුද්ධි හරඹයේ කොටසක්දැයි මට සිතිණි.මොහු කියන විදිහට අනුව ඔවුන්ගේ පුරෝගාමියාවූ ජයසේන යක්ෂයා සටන්කරුවාට ආරූඪවූ විට මිනිසුන් සියදෙනෙක් සමග වුවද සටන්කිරීමට හැකියාව ලැබෙන බවයි.මෙය අ0ගම් ශාස්ත්‍රයට හා ගුප්ත ශාස්ත්‍රයට අනුව නිවැරදි කරුණක්ද??? මා දන්නා අනුව නම් ආරූඪවන්නේ දේවාලයේ කත්තඩිකම් කරන අය මිසක් සටන්කරුවන් නොවේ.
ReplyDeleteමායා අංගම් ගැන උඩින් පල්ලෙන් කියවූ කෙනෙකුට සිතෙන දේ තමයි අංගම්පොරවලදී ආරූඪයෙන් සටන් කළ හැකියි යන්න. අංගම් ශාස්ත්‍රය ගැන පොතපතින් පමණක් අතගා බලා ඇති සුමේධට ද එසේ සිතුණාට සැක නැත. ඔහු කියනා ලෙස ආරූඪයෙන් ඔහුට සටන් කළ හැකි නම් අංගම්පොර ඉගෙන ගන්නා එක පැත්තක දමා කපුරාළ කෙනෙක් වන්නට තිබිණ.
Deleteකුමක්ද ඇත්තට මේ 'විසුද්ධි සටන් භාවනා' කියන්නෙ? එමඟින් ආරුඪ විය හැකි යැයි මොහු පවසා තිබෙනවා.මෙය පරස්පර විරෝධී මතයක් නොවේද?
ReplyDeleteවිශුද්ධි භාවනා කියා යමක් අද්‍යතන භාෂාවෙන් කියනවා නම් ‘ලොවෙත් නැත‘. අනෙක් කාරණය ආරූඩ වන්නේ කපුවන් මිස සටන් ශිල්පීන් නොවේ. පෙරේතයෝ ආරූඩ වී කළ හැකි සටනක් නැත.
Deleteඅනෙක් කරුණ නම් මොහු නිවැරදි කෙනෙක් නම් ඔහුගෙ පරම්පරාවෙහි ඉතිහාසය ආදිය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි විය යුතුය.ජයසේනගේ පුරාවෘත්තය පමණක් එයට ප්‍රමාණවත් නැහැ.
ReplyDeleteමේ සුමේධලාල් දොඩම්ගොඩ කියන්නෙ අද කාලෙ ඉන්න හාමුදුරුවරු පවා රවටන කෙනෙක්. ඒ බව පුවත්පතක තිබූ ලිපියකින් සනාථ වුණා.
ReplyDeleteඔබ නිවැරදියි. සුමේධගේ අලුත්ම ව්‍යාපාරය තමයි පෝය දාට පන්සල් ගොස් උපාසක අම්මලාට අංගම්පොර කියා ඔහුගේ විගඩම ගැන කියා දීම. අපේ රටේ ඉන්න අඥාන හාමුදුරුවරුත් මේවට අහුවෙනවා. ඊයේ පෙරේදා ලෙනගල පන්සලේ හාමුදුරුවොත් අහුවෙලා තිබුණා.
Deleteඔව් , ඔබ කියන දේත් ලොකු ඇත්තක් තිබෙනවා මිත්‍රයා.ලෙනගල පන්සලේ ස්වාමීන් වහන්සේ පමණක් නොවේ පන්නිපිටිය දෙවුරම් වෙහෙරේ සිටින කොළොන්නාවේ හාමුදුරුවොත් මොහුගේ අවජාතක හරඹය සාධාරනීකරණය කිරීමට මහත් උත්සහයක් ගත්බව පහුගිය මාස ගණනාවක් තුල බුදුමග පුවත්පත්වල පලවූ ලිපි කියැවීමෙන් පෙනීයනවා.අසම්මත ගණයේ මෙන්ම සහ කිසිඳු සදාචාර සම්පන්න බවක් නොමැති මොහුගේ රිටිගල අංගම් හරඹයේ සටන් පෙන්වීම අවසන් වී ආචාරකිරීමක් මා මේතාක් දුරට දැක නැත.
Deleteඊරි කොලස යන මාරන්තික නිල ශාස්ත්‍රය තමන් දන්නා බව රිටිගල සුමේධයන් විසින් වරක් පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.ඔබලා ඒ පිළිබඳව දැනුවත්වී සිටියොත් හොඳයි.තව මොන මොන බොරු පත්තරවලට දමයිද කියලනම් අපිට උපකල්පනය කරන්න බැහැ.
ReplyDeleteරීරි කොලස යනු මෙරට ඉතිහාසයේ පැවති මාරාන්තික සටන් ක්රමයකි. එය දන්නා අය අදට අල්පය. මෙය දන්නා අයෙකුට කෙනෙකුට සිහිනැතිවීමට පහර දීමටත් නැවත සිහි ගැන්වීමටත් හැකිවිය යුතුයි. හැකි නම් සුමේධට ඔහුගේ ගෝලයෙකු නොවන කෙනෙකුට එසේ කර පෙන්වන්න කියන්න. නමුත් කලරිවල ඇති මර්මස්ථාන විද්‍යාෙවන් නොවේ.
Deleteඊරි කොලස හෝ ඒ හා සමාන වෙනත් නිල සටන් ක්‍රම කලරිවලද පවතිය හැක.එම නිසා යමෙකුව සිහි නැතිකරවීමත් නැවත සිහි ගැන්වීමත් කලරි ගුරුවරයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි බව මම නිගමනය කරමි.සුමේධ අඩුම තරමින් කලරිවත් පරතෙරට ප්‍රගුණ කළ නැති අයෙක් විය යුතුය,මන්ද කලරි කලාව සම්පූර්ණයෙන් ඉගැනීමට වසර 3 ක් ප්‍රමාණවත් නොවීමයි.නිල සටන් ක්‍රම ගැන බොහෝ දෙනා සිතන්නේ මේවා බොරු රඟපෑම් බවය.නමුත් නිල ගැන උගත් සටන්කාරයෙක් සමඟ සටන් කළහොත් ඔවුනට සිදුවන දේ සිතාගත නොහැකිය.
Deleteමොහුගේ වීඩියෝ ආදිය නැරඹීමෙන් මට ඇතිවූ ප්රශ්නය වනුයේ 'සටනක් යනු හුදෙක් ගැටවලින් පමණක් කරන දෙයක්ද?' යන වගයි.පහරදීම්,පිනුම් ගැසීම ආදිය මොහුගේ පින්තූර හා වීඩියෝ තුල විරලය.
ReplyDeleteදොඩම්ගොඩ යනු යක්ෂ ගෝත්‍රික පෙළපත් නාමයක්ද?
ReplyDeleteරිටිගල හරඹයේ ඇත්තේ ගැට යොදමින් විවිධ අතට කැරකීම පමණි.එහි ඇති බොහෝ සටන් කොටස් කලරිවලින් උකහාගන්නා ලද ඒවාය.ගැටයක් නියමාකාරයෙන් යෙදීමට තරම්වත් මොහුගේ ගෝලබාලයින් ශක්තිමත් නැත.එය කෙසේවෙතත් මෙහි ඇති නිල ශාස්ත්‍රයට නම් මා ඉතා කැමතිය.
ReplyDelete