උත්තරවලට ප්‍රතිඋත්තර

දිගු කාලීන නිහැඬියාවකට පසුව රිටිගල සුමේධ සම්බන්ධව ලිපියක් ලිවීමට සිත්වූයේ මීට මාස ගණනකට පෙරදී රිටිගල සුමේධගේ ගෝලයෙකු හෝ ඔහු විසින් එවන ලද කොමෙන්ටුවක සඳහන් වූ  “‍මා‍ගේ ‍මෙ‍ම ‍කො‍මෙන්‍‍ටු‍ව ‍‍මෙ‍ම බ්‍‍ලො‍ග‍ය ‍කි‍ය‍ව‍න ‍සි‍ය‍ලු ‍දෙ‍නා‍ට‍ම ‍දැ‍ක ‍ග‍ත ‍හැ‍කි ‍වේ‍වා‍යි ‍ප‍ත‍මි. ‍මෙ‍ය ‍ම‍කා ‍නො‍ද‍ම‍න ‍ලෙ‍ස ‘අං‍‍ගම්‍ ‍පො‍ඩි‘ ‍හි ‍ක‍තෘන්‍ ‍ගෙන්‍ ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍මි. ‍එ‍සේ ‍නො‍ක‍ල‍හොත්‍ ‍මෙ‍ම ‍ක‍මෙන්‍‍ටු‍ව‍ට ‍මී‍ට ‍ව‍ඩා ‍සු‍දු‍සු ‍තැ‍නක්‍ ‍සො‍යා ‍ප‍ල ‍ක‍ර‍න ‍බ‍ව ‍අ‍ව‍දා‍ර‍න‍ය ‍ක‍ර‍මි“ යනුවෙන් වූ තර්ජනාත්මක ප්‍රකාශය නැවත සිහි ගැන්වීමෙනි. එම කොමෙන්ටුවේ වූ තර්ජනාත්මක ස්වාභාවය නිසාවෙන්ම ප්‍රසිද්ධ නොකළ අපි අන්තර්ජාලය හා පුවත්පත් දෙස නෙත් යොමාගෙන මාස ගණනක් බලා සිටියේ එම “වඩා සුදුසු තැන“ කුමක්ද යන්න දැන ගැනීමේ අටියෙනි. කෙසේ වෙතත් මාස 8කට පසුවත් සුදුසු තැනක් සොයා ගැනීමට සුමේධට නොහැකි වූ බව නම් දැන් දැන් පසක් වී හමාරය. එනිසාවෙන්ම මෙහි දක්වා ඇති එම කොමෙන්ටුවට පිළිතුර ලබා දිය යුතුය. කෙසේ වෙතත් මෙම ‘රිටිගල අංගම්‘ නම් කෘතිය සොයා නොගෙන පිළිතුරු සැපයීම් සාර්ථක නොවුන නිසාවෙන් හා අපහට එය ලබා ගැනීමට ගෙන්දගම් පොළවට පැමිණීමට කාලාන්තරයකින් නොහැකි වීම ආදී කරුණු නිසා මෙම ලිපිය මේතාක් ප්‍රමාද වීමත තවදුරටත් හේතු වූ බව පසක් කළ යුතුය. එසේ නොමැති වන්නට මෙම ප්‍රතිඋත්තරය එලිදැක්වී බොහෝ කාලයක් ගතවී හමාර විය හැකිව තිබිණ.

සරළව ගත් කල, මෙම කොමෙන්ටුවේ ඇති කරුණු පහත අංකිතයන් යටතේ ගොනු කළ හැකි ය.

  1. රි‍ටි‍ග‍ල ‍අං‍‍ගම්‍ ‍කෘ‍ති‍යේ ‍පුද්ගලයන් තිදෙනෙකු ‍වි‍සින්‍ ‍එ‍හි ‍ක‍රු‍නු ‍පි‍ලි‍බඳ‍ව ‍හා ‍එ‍ම ‍කෘ‍ති‍යේ ‍ගු‍නාත්‍‍ම‍ක ‍බ‍ව ‍පි‍ලි‍බඳ‍ව ‍ස‍හ‍ති‍ක‍යක්‍ ‍ල‍බා ‍දී තීබීම
  2. රිටිගල සුමේධ සම්බන්ධව කරුණු ගෙනහැර දැක්වීමට අංගම්හොරු සුදුසුකම් ලබා නොතිබීම
  3. රිටිගල සුමේධට ඉරිසියාවෙන් ලියන ලද බ්ලොගයක් වීම
  4. කලරි හා වූෂූ ඉගෙන ගැනීම රිටිගල අංගම්හි අයිතිකරුවා නොවේ යන්නට තර්කයක් නොවීම
  5. කලරි ගුරුවරයාගෙන් ගුටි කෑම සටන් නොදන්නවා යන්නට තර්කයක් නොවීම
  6. රි‍ටි‍ග‍ල ‍සු‍මේ‍ද ව්‍‍යා‍ජ ‍අං‍‍ගම්‍ ‍ක‍රු‍වෙ‍කු ‍යන්‍‍න ‍ප‍හැ‍දි‍ලි ‍කි‍රී‍ම ‍සඳ‍හා ‍කි‍සි‍දු ‍පැ‍හැ‍දි‍ලි ‍තර්‍ක‍යක්‍ ‍ගො‍ඩ‍නැ‍ගී ‍නොතිබීම

1. රි‍ටි‍ග‍ල ‍අං‍‍ගම්‍ ‍කෘ‍ති‍යේ ‍පුද්ගලයන් තිදෙනෙකු ‍වි‍සින්‍ ‍එ‍හි ‍ක‍රු‍නු ‍පි‍ලි‍බඳ‍ව ‍හා ‍එ‍ම ‍කෘ‍ති‍යේ ‍ගු‍නාත්‍‍ම‍ක ‍බ‍ව ‍පි‍ලි‍බඳ‍ව ‍ස‍හ‍ති‍ක‍යක්‍ ‍ල‍බා ‍දී තීබීම

රිටිගල සුමේධගේ මෙම උත්තරයේදී ඔහු ගොඩනගන තර්කය වන්නේ තමාගේ ‘රිටිගල අංගම්‘ නම් බාල ගනයේ ප්‍රකාශනයේදී තමන් ඉදිරිපත් කරන කරුණු හා කෘතියේ ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක්, ඇ‍ම‍ති ‍ලක්‍ශ්‍‍මන්‍ ‍සෙ‍නෙ‍වි‍රත්‍‍න, නී‍තීඥ ‍ජා‍න‍ක ‍බන්‍‍ඩා‍ර, මේ‍ජර් ‍ජෙ‍න‍රාල්‍ ‍ද‍යා ‍රත්‍‍නා‍ය‍ක යන පුද්ගලයන් තිදෙනා විසින්  ලබා දී තිබීම හා එනිසා තමන්ගේ අංගම් චෞරයෙකු නොවේ යන්නයි. 

ලක්ෂ්මන් සෙනෙවිරත්න නමැති දේශපාලඥයා විසින් එම කෘතියේ අදහස් දක්වා තිබීම සිදු කොට ඇත්තේ "ඵලදායිතාවය වර්ධනයට මඟක්“ යනුවෙන් මාතෘකාවක් යොදමිනි. කෙසේ වෙතත් දේශපාලඥයෙක් හෝ වෙනත් වැදගත් පුද්ගලයෙකු ලෙස නොව සුමේධගේ අපූරු හරඹය උගත් ගෝලයෙකු ලෙස කරුණු ගෙනහැර  දක්වන මෙම දේශපාලුවා ඒ බව තම “ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් කිහිපයක් මා රිටිගල ආශ්චර්යමත් භූමියේදී ලැබුවෙමි.“ යන ප්‍රකාශයෙන් ගම්‍ය කරයි. මේ අතර ඔහු ප්‍රකාශ කරනුයේ මෙම කෘතිය මඟින් සුමේධගේ  “ආත්ම ගණනක දැනුම  මෙම කෘතියෙන් පිඬුකොට දක්වන“ බවයි. එනම් මෙම කෘතියේ කතුවරයා සුමේධ බවයි. 

කෙසේ වෙතත් කෘතිය කියවූ අපහට පෙනී ගිය කරුණක් වූයේ මෙම කෘතියේ කතුවරයා සුමේධ නොවන බවයි. එයට හේතුව වන්නේ මෙම කෘතියෙන් දක්වා ඇති පරිච්ඡේදයන්හි ඇති බොහෝ තොරතුරු “තිස්ස රවීන්ද්‍ර පෙරේරා“ නමැති පුද්ගලයා විසින් රිවිර පුවත්පතට ලියූ ලිපිවල අමු අමුවේ පිටපත් කරන ලද ඒවා බවයි. තිස්ස රවීන්ද්‍ර රිටිගල පොරය ගැන කාලාන්තරයක් ලියූ ලිපි පෙලක් එකතු කොට පොතක් කරවා එයට තමන්ගේ නම ගසා ගැනීම තිස්ස රවීන්ද්‍රගේ බුද්ධිමය දේපල අයිතියට සිදු කරන බරපතල හානියකි. ඒ නිසාවෙන්ම මෙම දේශපාලඥයා අගයන කතෘත්වය පිළිබඳව ගැටලුවක් මතුවේ. මෙවැනි පොත් එලි දැක්විය යුත්තේ මතුගම මහින්ද විජේතිලක විසින් ලියන ලද “අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ“ නම් පොත මෙනි. එහි මුල් පිටුවේම සඳහන් වන්නේ   “බලංගොඩ ආන්න්ද මෛත්‍රිය මහා නාහිමි විසින් කථිත අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ - මතුගම මහින්ද විජේතිලක“ යනුවෙනි. ඒ අනුව සුමේධගේ කතෘත්වයද මෙසේ වෙනස් විය යුතුය. “තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් රිවිර පුවත්පතට ලියන ලද රිටිගල අංගම් - සුමේධලාල් දොඩම්ගොඩ“ යනුවෙනි. එනිසාවෙන්ම පැහැදිලි කළ යුත්තේ දේශපාලඥයන් කියන මුසාවලට හසු නොවන ලෙසයි.

මේ අතර දේශපාලඥයෙකු මෙන්ම නීතිඥයෙකුද වන ජානක බන්ඩාර තම ප්‍රසංසනාත්මක පණිවිඩය ලියනුයේ “මා හිතවත් රිටිගල සුමේධ විසින්“ රචිත මෙම ග්‍රන්ථය යනුවෙන් සඳහන් කරමිනි. කෙසේ වෙතත් ඔහු ඇත්තක්ද කියයි. එනම් “ඒත් මෙය අද්විතීය හෙළ සටන් කලාව පිළිබඳව හෝ ඒ තුළ රිටිගල භූමිකාව පිළිබඳව ලියවෙන ශාස්ත්‍රීය ලිපියක් නොවන බවත්...“ යන ප්‍රකාශයයි. මන්ද හෙළ සටන් ශාස්ත්‍රය ගැන මෙම කෘතියේ තිබෙන කරුණු ප්‍රමාණය සියයට බිංදුවකි. එවිට ඒතුළ රිටිගල භූමිකාවක් තිබිය නොහැකිය. කෙසේ වෙතත් ඉතිහාසයේ කිසිඳු සාධකයක් රිටිගල අංගම් නමින් හමු නොවේ. අංගම් ගැන කරුණුත් රිටිගල ගැන කරුණුත් වෙන වෙනම සඳහන් වුවත් රිටිගල තුළ තිබූ අංගම් ශාස්ත්‍රයක් අප ඉතිහාසයේ කොතැනකවත් නැත. අඩුම වශයෙන් රිටිගල ජයසේන යනු අංගම් ශිල්පියෙකු බවටත් එකඳු සාධකයක් හමු නොවේ. විචාර බුද්ධියෙන් සිතා බැලුවද ‘මම උඹට අසවල් පය පහර උඹේ ශරීරයේ අසවල් තැනට ගසනවා‘ යයි පූර්ව ප්‍රකාශයක් කොට දුන් පහරක් වලක්වා ගැනීමට බැරිව උගුරු දණ්ඩ කැඩී මියගිය ජයසේන අංගම් ශිල්පියෙකු යයි පිළිගැනීමටද නොහැකි ය. මෙය දැන සිටි නිසාදෝ ජානක බන්ඩාර තම ජාමය බේරා ගැනීමට ඉහත ප්‍රකාශය කළා දෝ අප තුළ සැකයක් උපදී.

මේ අතර දේශපාලඥ නීතීඥවරයාට වැරදුන තැනකි. එනම්  “යුධ ශ්ලපය පිළිබඳව රාවණ විසින් රචිත උඩ්ඩීෂ තන්ත්‍රයත් රාවන පුත් ඉන්ද්‍රජිත් විසින් රචිත ක්‍රය උඩ්ඩීෂ තන්ත්‍රයත් හෙල සටන් කලාවේ මහා අත්පොත ලෙස අපට පිළිගත හැකිය.“  යන්නයි. උඩ්ඩීෂ තන්ත්‍රය හා ක්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය යන දෙකම ඇසකට වත් නොදැක ඇති මොහු මෙම රාවණා යුගයේ බිහිවූ යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් රචිත මෙම කෘති දෙකම හෙළ වෙදකම සම්බන්ධව ලියැවුණ පොත් දෙකක් බව නොදැන සිටීම ඔහුගේ දැනුම මැන ගැනීමට ඇති මනා මිනුම් දණ්ඩකි.   උඩ්ඩීෂ තන්ත්‍රය ගැන ප්‍රකාශයක්  “රාවණ යුගය මිථ්‍යාවක්‌ නො වේ“ යන ලිපියෙන් බලා ගත හැකි ය. මේ අතර උසාවියේ කියන බොරුවල තරම මොනවට කීමට දෝ සීතාවක යුගයේ ටිකිරි කුමාරයා ගැන තවත් කෙප්ප කෙබරයක් ඇදබාන්නට මොහු උත්සුක වෙයි. ඒ  “ලක්ෂයක සේනාවක් ගෙනගොස් කොළඹ කොටුව වටකොට...“ යන ප්‍රකාශයයි. ලක්ෂයක සේනාවක් රාසිං දෙයියන්ට සිටියා නම් පරංගින්ගේ මයිල් ගසක් වත් සොයා ගන්නට නොහැකි වන පරිදි මේ රටේ ඉතිහාසය වෙනස් කරන්නට තිබුණි. මුල්ලේරියා යුද්ධයටද ගියේ 300කට ආසන්න හමුදාවකි. මුල්ලේරියා යුද්ධයට ආවේ 2000කට ආසන්න පරංගි හමුදාවකි. ඉතින් කොටුවට ගසන්න මෙතරම් හමුදාවක් සිටින්නේ කොයින්ද? එකල මුලු සීතාවක රාජධානීයේම වුවද එතරම් හමුදාවක් සිටියා යයි ද සිතිය නොහැකිය. මෙවැනි ඉතිහාස කෙප්ප ඇදබාන නීතිඥයා ඊයේ පෙරේදා හදාගත් රිටිගල හරඹයක් ගැන කියන ප්‍රකාශ කාහටනම් විශ්වාස කළ හැකි ද?

මේ අතර හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් දයා රත්නායක නමැත්තා විසින් තවත් කෙප්පයක් ඇදබාමින් තම චරිතාපදානය ආරම්භ කරයි. “සංවිධානාත්මක රාජ්‍යක් ලෙස ලක් ඉතිහාසයේ සංවිධානය වන්නේ පණ්ඩුකාභය කුමාරයාගෙනි.“ මේ ඔහුගේ වචන ය. එසේ නම් මෙම කෘතියේම කතා කරන රාවණා යුගය මිත්‍යාවක් විය යුතු ය. නොමැතිනම් බලි, තරු, රාවණ ආදී හෙළ රජවරුන් අසංවිධානාත්මකව රාජ්‍ය කළ අය විය යුතු ය. එම අසංවිධානාත්මක රාජ්‍ය ක්‍රමයෙන් ආලකමන්දාව වැනි ශේෂ්ඨ නිර්මාන කළ, ඉන්දියාව සමඟ යුධ කළ රජවරුන් විය යුතු ය.  මේ අතර “ත්‍රි ශ්ක්ෂාවක්“ හඳුන්වා දීමක් ගැන කතා කරන මෙම පුද්ගලයා ප්‍රකාශ කරනුයේ විදේශිකයන් නිසා අප සීමාරහිත ආහාර ගැනීම, රමනය යෙදීම හා මත්පැන් පානය ආදී වැරදි වලට පෙළඹුන බවයි. මත්පැන් පානය නිවැරදි වුවද සීමාරහිත ආහාර ගැනීම හා රමනයේ යෙදීම වැරදි පුරුද්දක් හෝ වරදක් වන්නේ කෙසේද යන්න අපගේ විචාර බුද්ධියට නම් වැටහෙන්නේ නැත. කෙසේ වෙතත් සුමේධලාල් දොඩම්ගොඩ වැනි රටේ ඉතිහාසය විකෘති කරමින් එය තම බඩවියත වෙනුවෙන් භාවිතා කරන අධමයින් බිහිරීමට රමනයේ යෙදීම නම් වරදකාරී ක්‍රියාවක් බව අපට දැන් දැන් වැටහේ. 

මේ අතර මොහු තවදුරටත් කියනුයේ  “අපේ ඉතිහාසයේ ජීවත් වූ මුතුන් මිත්තන් විසින් ප්‍රගුණ කර විදග්ධ තත්ත්වයට පත් කරන ලද හෙළ සටන් කලාවක් ලෙස රිටිගල අංගම් හැඳින්විය හැකිය.“  යනුවෙනි. ඉතිහාසයේ ජීවත් වූ මුතුන් මිත්තන් භාවිතා කළ ‘රිටිගල අංගම්‘ යනුවෙන් යමක් තිබුණේ නම් එය ඔප්පු කළ හැකි එකම එක සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙස (හිරිගඩු පිපෙන භූත කතා නොවේ) අපි සුමේධට මෙන්ම මෙම හමුදා නිලධාරියාටද අභියෝග කරමු. මහාවංශය, රාජාවලිය වැනි ඉතිහාස කෘතියක ‘රිටිගල අංගම්‘ හෝ ‘රිටිගල අංගම්පොර‘ යනුවෙන් වචන ද්වන්ධයක් එකට පිහිටා තිබෙනවා පෙන්වීමට හැකි නම් එදිනට මෙම බ්ලොගය වසා දමන බවට පොරොන්දු වෙමු. 

ඉහත කරුණු කාරණා දෙස බලන විට පෙනී යන්නේ මෙම “රි‍ටි‍ග‍ල ‍අං‍‍ගම්‍ ‍කෘ‍ති‍යේ ‍පුද්ගලයන් තිදෙනෙකු ‍වි‍සින්‍ ‍එ‍හි ‍ක‍රු‍නු ‍පි‍ලි‍බඳ‍ව ‍හා ‍එ‍ම ‍කෘ‍ති‍යේ ‍ගු‍නාත්‍‍ම‍ක ‍බ‍ව ‍පි‍ලි‍බඳ‍ව ‍ස‍හ‍ති‍ක‍යක්‍ ‍ල‍බා ‍දී තීබීම“ යන තර්කය හුදු පුස්සක් පවත් සම කළ හැකිනම් ඒක “කුහුඹු පැණියාගේ තීන්දුව“ට පමණක් බවත් ය.


2. රිටිගල සුමේධ සම්බන්ධව කරුණු ගෙනහැර දැක්වීමට අංගම්හොරු සුදුසුකම් ලබා නොතිබීම

සාම්ප්‍රදායික සටන් පරම්පරා කිහිපයක වර්තමාන සාමාජිකයන් වන අපි අංගම් ශාස්ත්‍රය යනු කුමක්ද යන්න මනාව දන්නා පිරිසක් වන අතර ඒ බව මෙම බ්ලොග් සමූහයේ අප දක්වා ඇති තොරතුරු මධ්‍යස්ථව අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. කෙසේ වෙතත් ඕනෑම සටන් පරම්පරාවකට තම පාරම්පරික වීරයන් සිටින අතර රිටිගල අංගම්වල එවන් වීරයෙක් නැත. සිටින්නේ ජනශ්‍රැති ආශ්‍රිත භූත කතා පමණි. මේ අතර එකඳු පාරම්පරික සාක්ෂියක් රිටිගල හරඹයට නැත. එසේ තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරමු. එවන්වූ සුමේධ අපගේ සුදුසුකම් පරීක්ෂා කරන විට අධෝමුඛයෙන් සිනහ පහළ වෙනවා කිවහොත් නිවැරදිය.


3. රිටිගල සුමේධට ඉරිසියාවෙන් ලියන ලද බ්ලොගයක් වීම

ඉරිසියාවක් ඇතිවීමට හේතු කිහිපයක් බලපායි. එයට මූලික හේතුව වන්නේ තමන්ගේ ව්‍යාපාරයට හෝ තමන්ගේ මුදලට වඩා අනෙක් කෙනා ඉහළට යනවා බලන් සිටීමට බැරිකමයි. අප ප්‍රසිද්ධියට ඒමට අකමැති, අංගම් ශාස්ත්‍රය විකුණාගෙන නොකන පිරිසක් වන අතර එම නිසාවෙන්ම සුමේධ අංගම්වලින් මුදල් හෙවීම සම්බන්ධව අපට කිසිඳු ඉරිසියාවක් නැත. වෙනත් කිසිඳු අයෙකු සම්බන්ධවද කතාව එලෙසම ය. අපට ඇති ගැටුම ශාස්ත්‍රීය ගැටුමකි. මෙම බ්ලොග්කරණයේ අරමුණ අංගම්පොර යන නම භාවිතා කරමින් වෙනත් සටන් ක්‍රමය උගන්වන හා ඒ මඟින් හෙළ සටන් කලාව සම්බන්ධ ජන විඥානය විකෘති කරන චෞරයන් පිළිබඳව ලොවට හෙළිකිරීම මිස ඉරිසියාව පැතිරවීම හෝ පෙන්වීම නොවන මව පසක් කළ යුතු ය.


4. කලරි හා වූෂූ ඉගෙන ගැනීම රිටිගල අංගම්හි අයිතිකරුවා නොවේ යන්නට තර්කයක් නොවීම

කලරි හා වූෂු වැනි සටන් ක්‍රම ඉගෙන ගැනීම අංගම් ශාස්ත්‍රය නොදන්නවා යන්නට තර්කයක් නොවුවද කලරි නම් ඉන්දියානු සටන් ක්‍රමය මිශ්‍රිත සටන් ඉරියම් අංගම්පොර ලෙස එලිදැක්වීම පැහැදිලි තර්කයකි. කලක් තිස්සේ වූෂූ පංති පැවැත්වූ මොහුට අංගම්පොරවලට මාරුවීමට වූෂූ සටන් කලාව ප්‍රමාණවත් නොවිණි. මන්ද වූෂූ වැනි චීන ජපන් සටන් ක්‍රම අංගම්පොර ලෙස මෙරට පෙන්වීම අසාර්ථක වන නිසාවෙනි. එයට හේතුව වන්නේ චීන ජපන් සටන් ක්‍රමය හා අංගම්පොර යනු හාත්පසින්ම එකිනෙකට වෙනස් ඉරියව් පිළිඹිබු කරන නිසාවෙනි. නමුත් කලරි, චීනඩි, මලයාලම් සටන් ක්‍රම, සිදම්බරම් ආදී ඉන්දියානු සම්බභවයක් සහිත සටන් ක්‍රම හා අංගම් ශාස්ත්‍රය අතර මූලික ගැට, හරඹ කොටස්, ව්‍යායාම ආදියේ බැලූ බැල්මට සමාන කමක් ඇත. එයට ඓතිහාසික සාධක රාශියක් හේතුවේ. චීනඩි සටන් ක්‍රමයට අංගම් ශාස්ත්‍රයෙන් යම් යම් කොටස් ගිලිහී ගොස් ඇත. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙරට කුපාඩි සෙල්ලම නමින් ප්‍රසිද්ධ වූ මෙම චීනඩි සටන් ගුරුවරුන්ට ස්වල්ප වශයෙන් අංගම් ශාස්ත්‍රය උගත් අයවලුන්ගෙන් ගැටයක්, නිලයක් වැනි කුඩා කොටසක් අසා දැන ගැනීම වැනි මුලාශ්‍ර මගින් මෙම මිශ්‍රණය වීම සිදු විය. එම නිසාවෙන්ම අද අංගම්පොර වීමට අවශ්‍ය ඕනෑම අයෙකු මෙම සහසමානකම් දක්වන සටන් ක්‍රම ඉගනෙ ගැනීමට උත්සාහ දරයි. සුමේධටද මෙම කරුණ ඒ අයුරින්ම සාධාරණය. 

වරක් ජාතික රූපවාහිණියට “...මට නම් මේ ශිල්පය ලැබෙන්නේ මගේ ගුරුතුමියගෙන්, ගුරුතුමියගේ පවුලේ එන සටන් ශිල්පයක් විදිහට...“ යයි ප්‍රකාශ කළ සුමේධ විසින්ම තමා රිටිගල අංගම්හි උරුමකරුවා නොයේ යයි පසක් කොට හමාරය. යමෙක් ගුරුවරයෙක් සමීපයට ගොස් යමක් උගත් විට එම ගුරුවරයාගේ පරම්පරාවේ උරුමකරුවෙකු විය නොහැකි ය. එසේ විය හැකි නම් සියලුම බ්‍රහ්මදත්ත රජවරු දිසාපාමොක් පරම්පරාවේ උරුමකරුවන් විය යුතු ය.

කෙසේ වෙතත් රිටිගල අංගම්වලට අයිතිකරුවාද නැද්ද යන්න සෙවීමට පෙර රිටිගල අංගම් යයි යමක් මේ රටේ ඉතිහාසයේ සිට පැවතුණාද යන්න සොයා බැලිය යුතුය. කාලිංග මාඝ ආක්‍රමණවලට පෙර අතිශයින්ම දියුණු ගොඩගැගිලි සංකීර්ණයක් වූ අක්කර 60කට ආසන්න ප්‍රදේශයකි, රිටිගල. මේ තුළ අදටත් සෑම වර්ග අක්කර කාලක් තුළම යම් ගොඩනැගිල්ලක නටබුන් දක්නට ඇත. මෙම ප්‍රදේශය අනුරාධපුර යුගයේදී මේ ආකාරයට දියුණු ප්‍රදේශයක් වූයේ නම් අද සුමේධ කතා කරන කැලෑ සටන් ක්‍රමයක් වන රිටිගල අංගම්පොර යයි කියා ගන්නා සටන් ක්‍රමය ඇතිවූයේ රිටිගල ජයසේන විසින් තාවකාලික කැලයක් රිටිගල කන්ද තුළ මැවීමෙන්දැයි කා තුළත් සාධාරණ සැකයක් මතුවීම නම් වැලැක්විය නොහැකිය. කෙසේ වෙතත් ඉතිහාසයේ රිටිගල ප්‍රදේශයේ දුටුගැමුණු රජතුමාගේ සේනා සංවිධානය කළ මධ්‍යස්ථානයක් ලෙස මෙම ප්‍ර දේශය භාවිතා කොට ඇත. එසේ වූ පමණින් එහි සටන් පරම්පරාවක් සිටියා යයි කිව නොහැකිය. එසේ කිව හැකි නම් කඩුගන්නාව, බලන, ඌව වෙල්ලස්සේ සියලුම ගම්මාන ආදියේ ද සටන් පරම්පරාවන් සිටිය හැකිය. රජකෙනෙකු සේනා සංවිධානය කරනවා යනු කදවුරු බැදගෙන සිටිමයි. එහිදි කදවුරු තුළ සටන් පුහුණු කිරීම් සිදු කරන්නේ සෙන්පතියත් විසින් වන අතර ඒ සෙන්පතියන් බොහෝ අවස්ථාවලදී එම ගමට ආගන්තුකයන්ය. එවන් වූ පසුබිමක කිසිදු පදනමක් මතින් රිටිගල සේනා සංවිධානය සිදු කලේ රිටිගල ජයසේන විසිනැයි ඔප්පු කළ හැකි සාධකයක් හෝ රිටිගල ජයසේන අංගම්පොර දැනගෙන සිටියේ යයි ඓතිහාසික සාධයක් හෝ සොයා  ගැනීමට නොහැකිය. එසේ තිබේ නම් ඒවා ගල් කැටයම්, ලී කැටයම්, විහාර හා ලෙන් චිත්‍ර, සාහිත්‍ය පොත් ආදී සාක්ෂි මතින් පෙන්විය යුතුය. එවන් වූ පදනමක සිට බලන විට රිටිගල අංගම් යනුවෙන් යමක් නැති විට රිටිගල අංගම්වල අයිතිකරුවෙක් සිටිය හැකිද?


5. කලරි ගුරුවරයාගෙන් ගුටි කෑම සටන් නොදන්නවා යන්නට තර්කයක් නොවීම

ඉන්‍‍දි‍යා‍වේ ‍ස‍ටන්‍ ‍ගු‍රු‍ව‍ර‍යා‍ගෙන්‍ ‍සු‍මේ‍ද ‍ගු‍ටි ‍කෑ‍ම ‍නි‍සා ‍ඔ‍හු ‍ස‍ටන්‍ ‍නො‍දන්‍‍නා ‍අ‍යෙ‍කී ‍ගෙ‍න‍හැ‍ර ‍පා‍ම ‍ගොන්‍ ‍තර්‍ක‍ය‍කි . ( ‍පු‍හු‍නු ‍වීම්‍ ‍ව‍ල‍දී ‍එ‍සේ ‍සි‍දු ‍වි‍ය ‍හැ‍කි ‍බ‍ව ‍ඕ‍නෑ‍ම ක්‍රී‍ඩා‍වක්‍ ‍ක‍රන්‍‍නෙ‍කු ‍ද‍නී ) “ යන මෙම අදහස් ප්‍රකාශ කරන්නාගේම වචන වලින් ඔහුගේම තර්කය බිඳී ගොස් ඇති බව පෙනේ. මන්ද සුමේධ “1998 සිට 2005 තෙක් ලෝකයේ විවිධ සටන් කලාවන් පිළිබඳ අධ්‍යයනය කරන්න ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී රටවල්වලට පවා" ගොස් ඇත. මේ ගියේ සටන් පිළිබඳ අධ්‍යයනට කිරීමටය. නොමැතිනම් සමීක්ෂණය කිරීමටය. මේ ගැන වැඩි විස්තර ගුටිකෑමේ සමීක්ෂණය ලිපියේ ඇතත් මෙහිද යමක් සඳහන් කළ යුතු ය. සටන් කලාවක් පිළිබඳ අධ්‍යයනය කරන විට ගුටි කෑමට අවශ්‍ය නැත. සටන් ඉගෙන ගැනීමට පමණක් ගුටිකෑමට සිදුවේ. කෙසේ වෙතත් සමීක්ෂණය සැබවින්ම ඉගෙන ගැනීමක්ම බව මෙම අදහස් ප්‍රකාශ කරන්නා ද පිළිගනී. එසේ නම් ඉතිහාසයක් නොමැති රිටිගල අංගම් නමැති සටන් ක්‍රමය තුළ කලරි නොතිබේ යයි පිළිගත හැකිද? කෙසේ වෙතත් සහසමාන සටන් ක්‍රම දෙකක් අතරින් බලවත් සටන් ක්‍රමය (අංගම්පොර) පලමුව උගත් අයෙකුට දෙවැනිව දුර්වල සටන් ක්‍රමය (කලරි) ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් නොමැත. එසේ අවශ්‍යවන්නේ නම් ඔහු පළමුව උගත් ශාස්ත්‍රය දන්නේද නැත. 


සුමේධගේ මාස ගණනක් තිස්සේ රිවිර පුවත්පතේ ලිපි තුළ වෙනත් සටන් ක්‍රම ඉගෙන ගත් බව කීවේ නැත.  අංගම්හොරු බ්ලොග් සමූහය විසින් තමන්ගේ පෙර කලරි වීඩියෝ එලිදැක්වෙන විට පමණක් මෙම කතාව කියයි. කෙසේ වෙතත් එදා කලරි මඩුවේදී සුමේධ ඇඳි කොට කලිසම අදටත් ගෝලයින්ගේ වේට්ටිය යට තිබෙයි. අජන්ත නමැත්තා විසින් අංගම්පොර යයි කියා ගන්නා සියලුම දෙනාට අභියෝග කළ විට අපේ සටන් ක්‍රමයේ ඌරා ලිං, අංගම්මඩු නැතැයි කීවේ ඇඟ බේරා ගැනීමට බව නම් පැහැදිලිය. කෙසේ වෙතත් අද මොවුන් භාවිතා කරන කඩු, රිටි ආදී ආයුධ විශුද්ධි අංගම් වීඩියෝවේ (කලරි සටන් පුහුණුව ඇති වීඩියෝව)  නැත. මේ අතර මොහුගේ පොතේ දක්වා ඇති නිල කවි, යෝගරත්නාකරය නම්  පොතේ සඳහන් කවිය. ඒවා අංගම් ශාස්ත්‍රයේ නිල ලෙස දැක්වීම ජන විඥානයට කරන මහත් අසාධාරණයකි. අදටත් වත්මන් බස් වහරක් ඇති “නුඹ ගැබ සිටින දෙවියෝ රැස් බෙනද විට, නිල ශිල්පය දිය දිවියක ඇපය පිට, පුද කෙරුවත් පද කර දේ නොම විකුට, නුඹ දිවි දියද නිල නොම දෙන් සතෙකුහට“ වැනි හදාගත් ඒවාය. මේ අතර එදා නිල ඇඳුම් නැහැ යයි කී සුමේධ දැන් දැන් නිල ඇඳුමක් හදාගෙන වේට්ටියකට බැස ඇති බව නම් පැහැදිලිය.



අනෙක් කාරණය වන්නේ එදා කලරි මඩුවේ තමන් පුහුණු වූ වීඩියෝ ටික යොදා ‘අංගම් ශ්‍රී විශුද්ධි‘ වීඩියෝව සෑදුවේ මන්ද යන්නයි. සුමේධ අද කියන පරිදි මේ වීඩියෝවේ ඇත්තේ ඔහු කරන ලද සටන් කලා සමීක්ෂණය බවයි. එසේ නම් අපට ඇති ගැටලුව වන්නේ තමන් කරන ලද කලරි පුහුණුවීම් ඉහත වීඩියෝවේ අංගම්පොර කියා පෙන්වූයේ ඇයිද යන්නයි. මෙයට අමතරව පහත වීඩියෝවේ වූෂූ ඇඳුම් ඇඳගෙන කරන්නේ අංගම්පොරමද යන්න ද ගැටලුවකි. 



6. රි‍ටි‍ග‍ල ‍සු‍මේ‍ද ව්‍‍යා‍ජ ‍අං‍‍ගම්‍ ‍ක‍රු‍වෙ‍කු ‍යන්‍‍න ‍ප‍හැ‍දි‍ලි ‍කි‍රී‍ම ‍සඳ‍හා ‍කි‍සි‍දු ‍පැ‍හැ‍දි‍ලි ‍තර්‍ක‍යක්‍ ‍ගො‍ඩ‍නැ‍ගී ‍නොතිබීම


අද අංගම් ශාස්ත්‍රයට සිදු වී ඇත්තේ හරි අපූරු තත්ත්වයකි. වෙදකම දන්නා කෙනා අංගම්පොර ශිල්පියෙකු වී අංගම්පොර වෙදකමක් ලෙස හුවා දක්වයි. මන්තර දන්නා කෙනා අංගම්පොර ශිල්පියෙකු වී අංගම්පොර යනු ගුරුකමක් ලෙස හුවා දක්වයි. ජෝතිශය දන්නා කෙනා අංගම්පොර ශිල්පියෙකු වී අංගම්පොර ජොතිශය කරුණක් ලෙස හුවා දක්වයි. මෙසේ ගියහොත් හෙට අනිද්දා අංගම්පොර තව කුමකින් කුමක් වී නවතීදැයි සැක පහළ වේ. තමන්ගේ හරඹය වෙනස් යයි කියන සුමේධ තමන්ගේ පොරයේ කොටස් ලෙස “ගැට, පොර, නිල, ජොතිෂය, වෙදකම හා මන්ත්‍රශාස්ත්‍රය“ දක්වයි. ඒ අනුව අපගේ සිංහල සාමාන්‍ය සමාජය රිටිගල අංගමේ හරි අඩක්ම දනී. එනම් ජොතිශය, වෙදකම් හා මන්ත්‍රශාස්තයයි. සුමේධට විශේෂීව ඉතිරිවන්නේ “ගැට, පොර හා නිල“ පමණි. ගැට යනු සතුරා මෙල්ල කිරීමට අතින් හා පයින් ගැට යොදා නිරායුධව කරන සටන් ක්‍රමයකි. පොර යනු නිරායුධව පොර බදිමින් (Resling) සිදු කරන සටන් ක්‍රමයකි. නිල යනු නිරායුධව ශරීරයේ මර්මස්ථානවලට කරන පහර දීමයි. මේ අනුව සුමේධගේ සටන් ක්‍රමයේ අවිආයුධ (ඉලංගම්) තිබිය නොහැකිය. නමුත් කඩු පලිහ සටන් කරන සුමේධ අප විසින් දැක ඇත්තෙමු (ඉහත පින්තූරයේ දකුණුපස උඩ කෙළවර). මෙයට අමතරව ගුටි හරඹයක්ද රිටිගල අංගමේ තිබිය නොහැකිය. ගුටි හරඹය යනු පොර බැදීමකින් තොරව අත් පා පහරවල් හා පිණුම් පහරවල් භාවිතයෙන් සටන් කිරීමයි. ගැට පොර හා නිල වලින් ගුටි ගසා ගැනීමක් සිදුකළ නොහැකිය. මෙවැන්නක් සුමේධගේ සටන් ක්‍රමයේ නොතිබේ නම් එයින් (රිටිගල අංගම්පොර) ඇති වැඩකුත් නැත. මන්ද පොර බැදීමෙන් පමණක් සටන් කළ නොහැකි ය. 





1 comment:

  1. මොහු රිටිගල කැලය තුල බවුන් වඩන කෙනෙක් නම් දිගුකාලීනව භාවනා ප්‍රගුණ කරනලද පුද්ගලයෙකු තුල තිබෙන මුහුණේ ප්‍රසන්න පෙනුම,මනා හික්මීම,තේජාන්විත ලීලාව වැනි ගති ලක්ෂණ තිබිය යුතුය.තරමක් රෞද්‍ර පෙනුමක් තිබෙන මොහු දුටු ඕනෑම අයෙකුට දැනෙන්නේ බියකරු හැඟීමකි.

    ReplyDelete

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)